
(අංජුල මහික වීරරත්න)
ගෑස් නොමැති වීම හේතුවෙන් ආපනශාලා වල ආහාර සැපයුම හෙට (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපන ශාල හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා ලංකාදීපයට පැවැසීය.
ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් නතර කිරීමට ගෑස් සමාගම් ගත් තීරණයත් සමඟ ආපනශාලා මෙම අසීරු තත්ත්වයට මුහුණ දී සිටින බවද අසේල සම්පත් මහතා සඳහන් කළේය.
ආපන ශාලා වසා දැමීමට සිදු වීමෙන් ලක්ෂ පහක පමණ ජනතාවකගේ රැකියා අවස්ථා අහිමි වන බව බව කී අසේල සම්පත් මහතා ආණ්ඩුව මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් නොදුනහොත් රටපුරා ආපන ශාලා වල වළං පිඟන් ගෑස් ටැංකි ඔසවාගෙන ජනාධිපති කාර්යාලය අසලට පැමිණ කඳවුරු බැඳින බව සඳහන් කළේය.
සාමාන්‍ය ආපන ශාලාවකට පවා දිනකට ගෑස් ටැංකි දෙකක් තුනක් හෝ පහක් වත් වැයවන බව කී අසේල සම්පත් මහතා ආපනශාලා සතුව වැඩිපුර ගෑස් ටැංකි නොමැති හෙයින් හෙට (17)දිනයේ සිටම ආපන ශාලා වසා දැමීමට සිදු වනු ඇති බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කොහොමද එහෙම ආහාර නැති වෙන්නේ? මේක කුමන්ත්‍රණයක්, ජනාධිපතිතුමනි, වහාම ආපනශාලා හිමියන්ට දැඩි දඬුවම් දෙන්න.