(ඩයනා උදයංගනී)
ආනයනය කිරීම නවතා තිබූ වාහන 164ක් ආනයනය කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
වසංගත තත්වය පාලනයට අවශ්‍ය වාහන ලෙස ජල බවුසර් 50ක්, ගිලන් රථ 52ක් සහ ඩබල් කැබ් රථ 62ක් මේ යටතේ ආනයනය කෙරෙන බව ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම.... කොමිස් ලොක්කා කියලා නම කිව්වේ නිකන් නෙවෙයි නේ...
කෝ අර ප්‍රාඩෝ ටික මේ ලැයිස්තුවේ කළින් තිබුණු...? අනිවාර්යයෙන් කොලේ වහලා ඒවත් ගෙනැල්ලා ඇති....
අපිට කියන්නේ 164 කියලා.. මොකද අපි ගිහින් ගණන් කරනවද? තමතමුන්ගේ හෙංචයියන්ටත් ඔහොම්මම ගෙනාවා ඇති...!!!
අනිවාර්යයෙන්ම... නැත්නම් රට සංවර්ධනය කරන්න ඇමතිවරු, මන්ත්‍රීවරු යන්නේ ගොන් කරත්තයේ යෑ...
ඩබල් කැබ් ගෙන්නුවේ මොකටද කියලා රටට හෙළි කළ යුතුයි..
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...
රත්වත්තේ හාමුගේ ජැපනීස් ක්‍රෙඩිට් ලයින් එක දිනුම්. මේ වගේ මිනිස්සුන්ව නොමග යවන ආණ්ඩුවක් මෙතෙක් ලංකාවේ තිබුනේ නැති බව සහතිකයි. අපේ කරුමේ...