
(යොහාන් භාසුර)
ආනයනික සහල් වරායට ළගාවී පැය 4 ක් තුළ නිදහස් කිරීමට කටයුතු කරන බවත් ආනයනය කළ හැකි සහල් වර්ගයක් නම් කර තිබේ නම් එය ද පරීක්‍ෂා කරන බවත් ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (5) පැවසීය.
කොළඹ රේගු මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා එසේ පැවසීය.
රට තුළ ඇතිවී තිබෙන සහල් ගැටලුවත් සමඟ ආණ්ඩුව සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බවත් එම සහල් තොගය ආනයන කළ හොත් කන්ටේනර් 2,500ත් 3,000 අතර සංඛ්‍යාවක් වරයාට පැමිණිය යුතු බවත් අරුක්ගොඩ මහතා කීය.
සහල් කන්ටේනර් විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට ළගාවුවහොත් ඒවා පැය හතරක් තුළ නිදහස් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව කී අරුක්ගොඩ මහතා ඒ සඳහා ආහාර පරීක්‍ෂකවරුන්ගේ සහයෝගය ද ගන්නා බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ප්‍රතිචාරය ඔබ සියලු දෙනාටම ස්තූතිය අන්න එහෙමයි වෙන්න ඕනෑ
රේගුව එතකොට අවුරුදු 75 ක් බොරු කරලා තියෙන්නේ .දැන් කොහොමද පැය 4 න් කරනවා කියන්නේ
ආදර්ශමත් නායකතවයන් තියනවා නම් සියලු දේවල් හොදින් සිද්ද වෙයි