
(යොහාන් භාසුර)
ආනයනික සහල් වරායට ළගාවී පැය 4 ක් තුළ නිදහස් කිරීමට කටයුතු කරන බවත් ආනයනය කළ හැකි සහල් වර්ගයක් නම් කර තිබේ නම් එය ද පරීක්‍ෂා කරන බවත් ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (5) පැවසීය.
කොළඹ රේගු මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා එසේ පැවසීය.
රට තුළ ඇතිවී තිබෙන සහල් ගැටලුවත් සමඟ ආණ්ඩුව සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බවත් එම සහල් තොගය ආනයන කළ හොත් කන්ටේනර් 2,500ත් 3,000 අතර සංඛ්‍යාවක් වරයාට පැමිණිය යුතු බවත් අරුක්ගොඩ මහතා කීය.
සහල් කන්ටේනර් විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට ළගාවුවහොත් ඒවා පැය හතරක් තුළ නිදහස් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව කී අරුක්ගොඩ මහතා ඒ සඳහා ආහාර පරීක්‍ෂකවරුන්ගේ සහයෝගය ද ගන්නා බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනයනික සහල් පැය 4කින් නිදහස් කරනවා
sam Friday, 06 December 2024 08:47 AM
නියමයි ප්‍රතිචාරය ඔබ සියලු දෙනාටම ස්තූතිය අන්න එහෙමයි වෙන්න ඕනෑ
Kazi Shajahan Friday, 06 December 2024 12:33 PM
රේගුව එතකොට අවුරුදු 75 ක් බොරු කරලා තියෙන්නේ .දැන් කොහොමද පැය 4 න් කරනවා කියන්නේ
Bunny Preena Saturday, 07 December 2024 10:36 AM
ආදර්ශමත් නායකතවයන් තියනවා නම් සියලු දේවල් හොදින් සිද්ද වෙයි