(රංජන් කස්තුරි)
මෙරටට ආනයනය කරන සියලුම මත්පැන් බෝතල්හි ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අනිවාර්ය කර තිබේ.
ඒ අනුව මින් ඉදිරියට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වාදෙන ආරක්ෂිත ස්ටිකරය රහිත විදේශීයන්ගෙන් ආනයනික මත්පැන් සන්තකයේ තබා ගැනීම ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීම තහනම් වන බවද මුදල් අමාත්‍යාංශය කියයි.
ආනයනික මත්පැන් සඳහා මෙම නීතිය ජූලි මස 20 වැනිදා සිට ක්‍රියාත්මක කර ඇති අතර ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් වර්ගවලටද එම ස්ටිකර් නීතිය ක්‍රියාත්මක කරන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
නීති විරෝධී ආකාරයට විදේශ මත්පැන් රටතුළට ගෙන ඒම මෙන්ම ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් අලෙවි කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක බොහොම වැදගත් මෙන්ම වටිනා තීරණයක්.
හොර සල්ලි ගහන රටේ ස්ටිකර් එකත් කජ්ජක්ද?
පැහැදිලිවම මෙයින් පහර වදින්නේ ලංකාවට එන විදේශ ශ්‍රමිකයාටයි. ඔවුන් නිවාඩුවකට එන විට තම නෑදෑයින්, හිතවතුන් වෙනුවෙන් වෙනසකට රැගෙන ආ ප්‍රමිතියෙන් ඉහල මත්පැන් බෝතලෙටත් විශාල බද්දක් ගසා ආදායමක් ලබාගැනීම තමයි මෙහි අරමුණ. රට ගිහින් එන VIP කට්ටියට මෙයින් කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ ගමන් මලු පරික්ෂා කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට අරක්කු නෙමෙයි ඕනෑම දෙයක් අරන් එන්න පුළුවන්. මේ රට විදේශ ශ්‍රමිකයාට කිසිම සහනයක් දෙන්නේ නැහැ. මොන ආණ්ඩුව පත් උනත් එහෙමයි. විදේශගත පුද්ගලයන් මේවා ගේන්නේ ලංකාවේ මුදල් වියදම් කරලා නෙමෙයි. ඔවුන්ට අනිවාර්යෙන්ම සහනයක් අවස්තාවක් දිය යුතුයි මේ වගේ දෙයකටවත්. විදේශගත ශ්‍රමිකයන් නිසා මේ රටේ පවුල් මොනතරම් සංඛ්‍යාවක් ඉන්නවද රජයට බරක් නොවී. රජයෙන් ඔවුන් මොනවද ඉල්ලන්නේ. මොකුත් නැහැ. නමුත් පහර ගහන්නේම ඒ කට්ටියටයි. මේක හෙළාදැකිය යුතු අන්තිම නින්දිත පියවරක් .
පුළුවන් නම් කසිප්පු කලවම් නොකරපු අරක්කු බෝතල්වලට මොකක් හරි අලවන්නකෝ...? සුපර් මාර්කට් එකෙන් ගන්න ඒවත් අපට සැකයි.
මේ ස්ටිකරය ප්‍රින්ට් කරන්නේ පිටරටක ලොකු ගාණකට... අපේ මෝඩ මිනිස්සුත් බලන්නේ "බෝතලේට ස්ටිකරය" විතරයි, මේ ස්ටිකර් ප්‍රින්ට් කරලා ගේන්න යන අනිවර්ය විශාල වියදමයි, කොමිස් එකයි බලන්න බුද්ධියක් නැහැ..
අපිටම තමයි කෙලින්නේ..
ස්ටිකර් ප්‍රින්ට් කරලා ගේන්න විශාල වියදමක් යනවලු කියලා චින්තක කියනවා. ඉතින් අපි කීවද ස්ටිකර් ගහන්න කියලා අනික් රටවලත් ස්ටිකර් ගහනවද? හොරට අරක්කු පුරවන්නෙත්, විකුණන්නේත් දේශපාලකයින්...