IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ආනයනික බහලුම් නිෂ්කාශනය ගැන සොයන්න කමිටුවක්

(යොහාන් භාසුර)


ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව ප්‍රමාද වීම සම්බන්ධයෙන් සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත් කර තිබේ.

වරායේ ගොඩගැසුණු කන්ටේනර් නිෂ්කාශනය නොකිරීම සැළසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද අදාල යන්න කමිටුව සොයා බැලීමට නියමිතය.

ආනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂණයට ලක් නොකර නිෂ්කාශනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්වය පිළිබඳව ද එම කමිටුව විමර්ශනය කිරීම ද එම කමිටුවට භාරවී තිබේ.

නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ. සෙනෙවිරත්න මහතා එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. එහි සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඊ.එම්.එස්.බී. ජයසුන්දර, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.කේ.පී. කුමාර, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.කුරුම්බලපිටිය සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සපුමල් ජයසුන්දර යන මහත්වරු කටයුතු කරති.

වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය විශාඛා ඇලපාත මහත්මිය කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස කටයුතු කරන්නීය.

 



අදහස් (2)

ආනයනික බහලුම් නිෂ්කාශනය ගැන සොයන්න කමිටුවක්

විපරමා. Sunday, 02 February 2025 04:42 PM

ජනතාව කුලප්පු කරවන චිවරධාරියෙක් බලන්ගොඩ පළාතේ ඉන්නවා. කොමිටියට එයාවත් දාගත්තා නම් හොඳයි...

:       5       4

soma Sunday, 02 February 2025 07:32 PM

දෙයියෝ දනී. මං නොදනී කොමිටි වාර්තාව එනකං ඉවසමුකෝ...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site