(යොහාන් භාසුර)
රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී ආන්දෝලනාත්මක ලෙස පසුගිය කාලයේ වාර්තා වූ මරණ 6 න් 5 කටම බොහෝ දුරට ඖෂධ ආසාත්මිකතාව හේතුව වී ඇති බවත් අසාත්මිකතාවන්ට හේතුවූ ඖෂධ සම්බන්ධ තත්ව පරීක්ෂණ වාර්තා ද නොතිබූ බවත් එම මරණ පිළිබඳව සෙවීමට පත්කළ විශේෂඥා කමිටුව පවසයි.
එම ආන්දෝලනාත්මක මරණ පිළිබඳව සෙවීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් මහතාගේ සභාපතීත්වයෙන් පත්කළ සත් සාමාජික කමිටුව නිර්දේශ නවයක් ද සමගින් කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට භාරදී ඇති අතර එම වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධ කර නොමැති.
ජීවිත අවදානම් සහිත ආසාත්මිකතා කළමනාකරණය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කිරීම සහ ඊට අදාළ යාන්ත්‍රණයක් සකස් කිරීම, ජීවිත තර්ජනයක් සහිත සිදුවීම් වාර්තා වූ අවස්ථාවන්හිදී නිසි සායනික විගණනයක් සිදුකිරීම, ඖෂධ ලියාපදිංචියේදී සහ අළෙවිකරණයෙන් පසුව අහඹු නියදි පරීක්ෂාවන් හරහා රට තුළ භාවිතා කරන ඖෂධවල ගුණාත්මකභාවය රැකගැනීමට කටයුතු කිරීම ඇතුළු නිර්දේශ එම වාර්තාවට ඇතුළත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කමිටු නිර්දේශයන් තවදුරටත් සහතික කිරීම උදෙසා එම ඖෂධ නිර්දේශ කළ නිලධාරීන්ට හා දේශීය නියෝජිතයින්ට එම ඖෂධ ලබාදීම සුදුසු යැයි පොදු ජනයාගේ නිර්දේශයයි.
හොඳයි එහෙනම් අපි පිළිගන්නම්කෝ.. බාල ඖෂධ කියලා ජාතියකුත් නෑලුනේ...!
දැන් පොහොට්ටුවේ මන්ත්‍රීලාට තියන්නේ කෙහෙලියට එරෙහිව ගේන්න විශ්වාස භංගයේදී, ඔහුව උඩින් දිනවන එකද?
බාල ඖෂධ ගෙන්වපු අයටයි ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා !! හෙණ පහළ වේවා...! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්.... දෙවියන්ගේ ශාපය අත්වේවා! රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ, බයියෝටික ඇවිස්සෙයි..
බාල ඖෂධ ගෙන්වපු අයටයි ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා !! හෙණ පහළ වේවා...! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්.... දෙවියන්ගේ ශාපය අත්වේවා! රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ, බයියෝටික ඇවිස්සෙයි.