
( ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දී සිටින ආපදා තත්වයෙන් මුදවා ගැනීම සදහා අවශ්‍ය උපකරණ සහ පුහුණු භටයන් රැගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් , සිය සිව් වන ආපදා ආධාර රැගත් ගුවන් යානය ලෙස කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය .
මෙම ගුවන් යානය තුළ ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා විශේෂ පුහුණුව ලත් අබුඩාබි සිවිල් ආරක්ෂක බලකායේ භටයන් 53 දෙනෙකු , වැළළී ඇති මිනිස් ඉව සොයා මෙහෙයුම් සිදු කළ හැකි සුනඛයන් , ඔවුන් ප්‍රවාහනය කරන වායුසමනය කළ වාහන , ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා භාවිතා කෙරෙන වාහන රැසක් ද තිබුණි .
ඊයේ(02 ) රාත්‍රී 09.20 ට අබුඩාබි නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාව සතු සී.- 17 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන මේවා රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛාලිඩ් නසාර් අල් අමේරි , විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
2025 දෙසැම්බර් මස 04
201
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආධාර රැගත් තවත් යානයක් කටුනායකට