(නිමන්ති රණසිංහ )
මෝදර පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයකුගේ සිරුරක් පොලිස් බැරක්කයේ වැසිකිලිය තුළ එල්ලෙමින් තිබියදී සොයාගත් බව පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල රාගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකි.මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ලිපියක් ලියා තබා ඇතැයිද පොලිසිය පවසයි.
මොහු පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව නිම කළ කර ඇත්තේ ඉකුත් මාර්තු මස 15 වැනිදා වන අතර මෝදර පොලිසියට සේවයට පැමිණ ඇත්තේ අගෝස්තු මස 12 වැනි දා බවද සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය අද (10) මෝදර පොලිසියට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර මරණකරුගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම සිදු කිරීම සඳහා අවසර ලබා දුන්නා ය.
මේ වන විට මරණකරුගේ දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා කටයුතු කරමින් ඇතැයි ද ඇතැයිද මෝදර පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් හරි පව්..., කාගේ හෝ දරුවෙක්නේ...
ලංකාවේ දැන් සුදුසුකම්ලත් මනෝ උපදේශකවරුන් හිඟයක් නොමැතිව ඉන්නවා. රාජ්‍ය සේවයේ අයට තම ප්රශ්නය ඉදිරිපත් කිරීමට ඔවුන් වෙත යන්න දිරි ගන්වන්න වැඩ පිළිවෙලක් අවශ්‍යයයි. විශ්ව විද්‍යාලවල නවකවදය වැනි දේ කරන අය අතර කුහකකමින් සහ ශීලාචාර පසුබිම යනු කුමක් දැයි නොදත් සිසුන් සිටින බව සත්‍යයක් වුවත්, සෑම මනුෂ්‍යයෙක්ට තමා අවට දැනෙන අයුරු වෙනස් බවත් සංවේදී පුද්ගලයෙකුට මෙවැනි දෑ විනෝදයක් හෝ මතක සටහනක් නොව දිවි නසා ගැනීමට හේතුවක් බව පරිණත වියේ පසුවන මෙම ආයතන ප්‍රධානීන් වගකීමෙන් පුරෝකථනය කොට දැනුවත්ව ක්‍රියාකළ යුතුව තිබුණා...