
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ආදරයට අකැමැති වූවා යැයි උරණ වී බස් රථයක් තුළදී ඥාති සහෝදරියට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකළ වෙළඳ නාවිකයා (සිමන්) පිහියත් සමග අත්අඩංගුවට ගත් බවත් බවත් නාරාහේන්පිට පොලීසිය කියයි.
තුවාල ලද තරුණිය නාරාහේන්පිට මිනින්දෝරු කාර්යාලයේ පාලන අංශයේ සේවය කරනු ලබන පින්නදුව වලහන්දූව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
සැකකරු හා තුවාල කාරිය ගාල්ල සිට නාරහේන්පිට දක්වා අධිවේගී මාර්ග ඔස්සේ බස් රථයෙන් පැමිණ ඇති අතර තුවාලකාරිය නාරහේන්පිට කිරුළ පාර මිනින්දෝරු කාර්යාලය ඉදිරිපිටින් බස් රථයෙන් බැසීම සඳහා සූදානම් වීමේ දී ඇය අසලට පැමිණ තිබූ සැකකරු බෑගය තුළ දමාගෙන ආ රම්බෝ වර්ගයේ පිහිය පිටතට ගෙන ඇයගේ ශරීරයේ ස්ථාන කීපයකට ම පහර දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම පිහියෙන් පහර දීමෙන් තරුණියගේ දකුණු අතේ වැලමිට ප්‍රදේශය , වම් කකුලෙ දණහිසෙන් පහළ ප්‍රදේශය තුවාල සිදුවී තිබු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදරේ එහෙම ගන්න තරම් ලාබ දෙයක් නෙමෙයි පුතා. අනික ඔයා හරියට ආදරය කරලා නෑ. ඔයා ආදරණීය කෙනෙක් නම් කවදාවත් ඔහොම දෙයක් කරන්නේ නෑ. ඒ තරුණිය ඔය වගේ කෙනෙකුට අකමැති වුන එක සාධාරණයි.
අසම්මත ආදරයක් වගෙයි. මේවාට විසදුම පිහියෙන් කෙටීම නොවේ. තමන්ගේ ක්‍රියාවන් කොතරම් වැරදි සහගත දැයි නැවත සිතා බලන්න.
අන්න පොරවල්. හදවත ඉල්ලුවා ඉල්ලුවා දුන්නේ නැහැ.. ඒ නිසා කපලා හරි අරගන්නවා කියලා හිතාගෙන තමයි ඇවිත් තියෙන්නේ... හොඳ වෙලාවට ඒක තියෙන තැන මිනිහා දැනගෙන ඉඳලා නැහැ.