
(විමුක්ති සංජය පෙරේරා)
බදුල්ල මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ රථ වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කිරිමේ නිළධාරිණිය විසින් රථ වාහන සදහා ආදායම් බලපත්‍ර නිකුත් කර අය කරන මුදල් ඌව පළාත් සභා ගිණුමට බැර නොකර වංචා සහගතව සොරා ගෙන ඇතැයි මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි .
මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ආදායම් බල පත්‍ර නිකුත් කර උපයාගන්නා මුදල් ඌව පළාත් සභා ගිණුමට බැර කළ යුතු වන අතර ඌව පළාත් සභාවේ විගණණ අංශයේ නිළධාරින් විසින් සිදුකරන ලබන විමර්ශණයකදි 2025 ආගොස්තු මස 1 වැනිදා සිට 30 වන දින දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කර ලාබාගත් රුපියල් 451700.00 මුදලින් රුපියල් 175400.00 මුදලක් පමණක් ඌප පළාත් සභා ගිණිමට බැරවි ඇති අතර ඉතිරි 276300.00 මුදලක් මෙම නිළධාරිණීය විසින් වාංචනික ලෙස සොරාගෙන ඇති බවට අනාවරණයවීමෙන් අනතුරුව ඌව පළාත් සභා විගණන අංශය මීගාහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට සිදුකළ ලිඛිත දැනුම් දී ඇත.
ඒ අනුව මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගණකාධීකාරිවරයා කැන්දකැටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර රජයේ කාර්‍යාලවල මුදල් කටයුතු සඳහා සරප් නමින් වෙනම තනතුරක් තිබුණා. යතුරුලියන කටයුතු වගේම ලඝුලේඛක තනතුරු තිබුණා. ඔය කාලයේ ලිපිකරු තනතුරුවල අයට යතුරු ලියන හැකියාව අවශ්‍යවුනා එහෙම කලේ ටයිපිස්ට්ට විරුද්ධව විනයානුකූල පරීක්ෂණයක් කරන්න වුනොත් විනය කටයුතු විෂයභාර නිළධාරින් ටයිප් කිරීමට ගතයුතු නිසා.මේවා නොතේරුනු ලොක්කො කරපු සේවාවන් ඒකාබද්ධ කිරීම නිසා පනින රිලවුන්ට ඉනිමං වගේ හොරා කෑමට පහසු වූ මේ තත්වය ඇති වුණා.