(අංජුල මහික වීරරත්න)

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම් වලට යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

"අරමුදලක් හැදුවා. මොකක්ද?  රී බිල්ඩින් ශ්‍රී ලංකා.දැන් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ ලේකම් ඇවිල්ලා කියනවා එහෙම අරමුදලක් හදලවත් නෑලු.බලනකොට ඒ සල්ලි වලටත් වෙච්ච දේ ගැන කියන්න දන්නෑලු.දැන් ඒකටත් අර හැකර් කෙනෙක් පැනලා කියයිද කියලා දන්නෙත් නෑ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සේරුවාවිල රජවැව පැවති ජන හමුවක් අමතමිනි.