(යොහාන් භාසුර)

ද්වේශය, පළිගැනීම සහ කුහකකමින් වර්තමාන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව අන්තයටම ගොස් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක සහ ප්‍රධාන ලේඛකාධිකාරී අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ අද (20) පැවසූහ.
සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ තර්ජන පරාජය කිරීමේ සහ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් පැවරී ඇති ආකාරයට බුද්ධ ශාසනය රැකගැනීමට කටයුතු කිරීමට බලකිරීමේ අරමුණින් කොළඹ 7 පිහිටි, බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී පැවැති මහා සඟ සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ එසේ පැවසූහ.
ජනාධිපතිකම කරනවා කියන්නේ නිවරදිව කළහොත් නිවන්දැකිය හැකි තනතුරක් මෙන්ම වැරදියට කළහොත් අපාගතවිය හැකි තනතුරක් යැයි මතක් කරන බවත් ජනාධිපතිතුමා කළ දකුණේ ජනතාව උතුරට එන්නේ වෛරය උපුරන්නැයි වචනනය ඉවත්කරගත යුතු අතර අගමැතිතුමිය මන්නාරමේදී කළ මහා බරපතල ප්‍රකාශය තරයේ හෙළා දකිනවා මෙන්ම එතුමිය වහාම ප්‍රකාශය අස්කර ගතයුතු බවත් මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කළහ.
එහිදී මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ මෙසේ ද පැවසූහ.
“නිදහස ලැබීමට පෙර අපේ රටේ පැවැති ආගමික සංස්කෘතික, ආර්ථික සහ සාමාජික තොරතුරු වර්තමාන තෙක් සඵකා බැලීමෙන් පසුව කිසිවක් නොවූ සමාජයක් ලෙස හැදින්වීම අකෘතඥ හුදු ප්‍රකාශයකි. වසර 2300 ක අඛණ්ඩ ඉතිහාසයක් ඇති බුදු දහමටත්, බෞද්ධ සංස්කෘතියටත්, සිංහල භාෂාවටත්, පාලි භාෂාවටත්, ත්‍රිපිටකයටත්, අපේ සියලු සිරිත් විරිත්වත්, රටේ ජාතික අභිමානයටත්ථ භෞමිකඅඛන්ඩතාවටත් වර්තමානයේ බරපතල ලෙස තර්ජන එල්ලවී ඇති බව අපගේ විශ්වාසයයි.
ජාතීන් අතර වාදයක් අපේ රටේ නොමැත. ආගසම් වාදයක් ද අපේ රටේ නැත. සමහරු ප්‍රසිද්ධයේ ජාතිවාදයක් ගැන අද කතා කරනවා. ආගම්වාදයක් ගැන කථා කරනවා. අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමියත් ඒ අතර විශේෂයි. අපේ රටේ ජාතිවාදයක් තියෙනවා නම් තියෙන්නේ ය්කිසි අන්තවාදී පිරිස්වල කැකෑරීමෙන් ඇතිවූ යම්කිසි ප්‍රවණතාවක් මිසක් අපේ රටේ කොහේවත් ජාතිවාදයක් නෑ.
උතුරේ ජාතිවාදයක් ගැන කථා කරන්නේ උතුරේ ජාතිවාදයක් නැතිව. උතුරේ ජාතිවාදයක් නෑ. ම්නාරමේ ජාතිවාදයක් ගැන කථා කරන්නේ මන්නාරමේ ජාතිවාදයක් නෑ. උතුරේ තිබුණ ත්‍රස්තවාදය අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරදවලා, අවුරුදු 30 ක් ලපැවැති යුද්ධය සංසිදුවූවායින් පස්සේ ඕනෑම කෙනෙකුට යාපනය, මන්නාරමට, ත්‍රිකුණාමලයට යන්න පුළුවන්.
අපි මේ කතා කරන්නේ දේශපාලනයක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රටට කළ ඒ සේවය කෘතගුණවේදීව සිහිපත් කරන්න මා කැමතියි.
අපේ ජනාධිපතිතුමා සඳහන් කරනවා දකුණේ ජනතාව යාපනයට යන්නේ සිල් ගන්න නොවෙයි ඒ අය යාපනයට යන්නේ බෞද්ධ වෛරය ඒ ප්‍රදේශයේ පතුරුවන්නට කියලා. යාපනය තිස්ස විහාරය කියන්නේ ඓතිහාසික තැනක්, අතිශයින්ම ඓතිහාසික තැනක් තිස්ස විහාරය කියවන්නේ.
තිස්ස විහාරයේ ඓතිහාසිකත්වය සත පහකට ගණන් ගන්නේ නැතුව ජාතිවාදීන්ගේ වැඩවිදියට හංවඩු ගැඅසීම කොයිතම් අකෘතඥ කථාවක් ද අපේ රටටඑ කියලා මට හිතෙනවා.
ජනාධිපතිතුමනි නිවැරදි වෙන්න. ඔබතුමා ජනාධිපතිවරයෙක් හැටියට කිසිම තැනක ගිහින් හොරෙන් කථා කරන්න බෑ. ඒ කථා කරන දේවල් අද තියෙන මාධ්‍ය ඔස්සේ රටට අනාවරණය වෙනවා.
අපි සමාව දෙමු මට වැරදුණා. කරන්න දෙයක් නෑ මට වැරදුනා, මේ හේතුව නිසයි මම එහෙම කළේ කියලා කිව්වොත් අපි එතුමන්ට සමාව දෙනවා. එහෙම නැත්තන් එතුමා ඒ ගොඩේම තියාගෙන ඔය කියන බෞද්ධ විරෝධී වැඩපිළිවෙළට සාධකයක් හැටියට තියාගෙන අපි ඉදිරියටත් කථා කරමු.
සිංහලාගෙන් ඇදුම කොච්චර ලස්සන ඇදුමක්ද ? අපේ ඇදුම බිංදුවටම දාලා. අපේ ඇදුමට තැනත් දෙන්නේ නෑ. රාජ්‍ය පාලකයො රටකින් රටකට යනවා නම් අනන්‍යතාව සහිත ඇඳුමකින් ගිහිල්ලා අපේ රටට ගෞරවය ලබාදෙන්න ඕන. බණ්ඩාරනායක මැතිනිය ලෝකයට යනවිට එතුමිය ඇදගෙන ගියේ අර ඔසරිය. එතුමියට ලෝකයේ විශේෂ ආකර්ශනය ලබාගන්න හේතු වුණා. එතුමියට ගොකු පෞරවයක් ලැබුණේ ඒ ඇදුමත් එකක්යි.
ගුරු ජනාධපිතිතුමනි, අගමැතිතුමියනි ඔබ රජය බොහෝ බලාපොරොත්තු තියලා තමයි බලයට ආවේ. කිසිඳු වාදයක් විවාදයක් නෑ. අපි වෙනස් කරන්න කතා කරන්නෙත් නෑ. ඉදිරි අවුරුදු තුනහමාරක් ඉන්න. බැහැයි අපි එක දෙයක් කියන්න ඕන මේ රටේ සියලු දේවල් දේශපාලනීකරණ කරන්න එපා.
දේශපාලනීකරණ කරන්නේතමන්ගේ පක්ෂයට තියෙන හිතවත්කම් මතයි. මේ රටේ නිකාය පාර්ශවල ලේකම් හාමුදුරුවරුන්ගේ රැස්වීමක් තිබුණා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ. ඕන කාලයක ඉදලා තියෙන වැඩක්. බුද්ධ ශාසනය පිළිබඳව ජනාධිපතිවරු උපදේශන සභා පත්කළා. ඒ හැම තැනකම විවිධ මට්ටම්වල හාමුදුරුවරු සිටියා. නමුත් අපි කවදාවත් අපි දැක්කේ නෑ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට රැස්වන නිකාය පාර්ශව ලේකම්වරුන්ගේ රැස්වීමේදී පක්ෂ නායකයෝ. දෙයියනේ කළක් අක්රීවෙලා තිබිලා අපිට එන්න කියලා පටන් ගත්තා. සියලු ලේකම් හාමුදුරුවන්ට අමතරව මේ ආණ්ඩුවේ පස්දෙනෙක් මේකට ඇතුල කළා. තරහ වෙන්න එපා කිව්වට. බය නම් මට නඩු දාන්න. බුද්ධ ශාසන අමාත්‍යවරයා කියනවා රජයේ බලතල අනුව මම පස්දෙනෙක් නම් කරකනවා කියල, කළින් ලියාගෙන ඇවිල්ලා, ඒ අයට කලිනුත් ආරාධනා කරලා ලෙනල්ලා පස් දෙනෙක් පත්කළා. මේක හොඳ වැඩක්ද, මේක තමයි නියම දේශපාලනීකරණය කියන්නේ.
අපේ රටේ කාලයක් තිස්සේ පිරිවෙන් අධ්යක්ෂ ජනරාල් හාමුදුරු නමක් හිටියා. ඒ හාමුදුරුවන්ට ලොකු බලතල තිබුණා. ඒ හාමුදුරුවෝ හොඳට වැඩකරගෙන ගියා කාගෙවත් බලපෑම් නෑ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ අධ්යක්ෂ ජනරාල් හාමුදුරුවන්ට වඩා ඉහළින් මේන් දැන් තව අතිරේක ලේකම් කෙකේ ඉන්නවා. එයාගේ නියෝගවලට තමයි අධ්යක්ෂ ජනරාල් හාමුදුරුවො වැඩ කරන්නේ. මොකක්ද මේ කැත දේශපාලනය. අපි එහෙම නෑ. අපි එරෙහිම නෑ. බුද්ධාගමට සළකනවා. මේක තමයි වර්තමාන දේශාලනයේ නිවැරරදි තත්වය” කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පලාතේ ප්‍රධාන සංඝනායක මෙන්ම මෙම සමුළුවේ ප්‍රධාන සංවිධායකවරයා වන මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමියන් පිළිගැනීමේ කථාව කරමින් පැවසුවේ ව්යාවස්ථානුකූලව පාලකයන් බුද්ධ ශාසනය රැකගැනීමට බැදී සිටින බවත් බෞද්ධ රටේ ශාසනය රැකගැනීමට කණ්ඩායම් ගතවීමට සිදුවී ඇති බවත්ය.
වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේනන්තුව් මන්ත්‍රීවරු 159 ක් සමඟ තුනෙන් දෙකේ බලයක් තිබෙන නිසා හොල්ලන බෑ කියලා හිතාගෙන හිටිය ද ශාසනයට අත තැබුවහොත් හොල්ලා පෙන්වන බවට අනතුරු හඟවන බවය.
මහා සංඝරත්නය දහසකට වැඩි සංඛ්‍යාවක් සහභාගි වී සිටි මෙම සංඝ සමුළුවට මොරටුව ලුනාව ශ්‍රී බෝධිරාමාධිපති කොලඹ විශ්වවිදයාලයේ සිංහල අධ්‍යන අංශාධාපති මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ කරුණු 10 කින් යුත් සංඝ ප්රප්රඥප්තිය ඉදිරිපත් කළහ.
කොළඹ තරුණ බෞද්ධ සමිතියේ සභාපති මහේන්ද්‍ර ජයසේකර ගිහි දේශනය කළ අතර සමස්ත ලංකා බෙද්ධ සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ යන මහතා ස්තූති කථාව කළහ.
මෙම මහ සංඝ සභාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කතානායකවරයෙක් වන දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍ය සරත් වීරසේකර යන මහත්වරු ඇතුළු දේශපාලඥයන් රැසක් සහභාගී වූහ.
(ඡායාරූප: සුමුදු හේවාපතිරණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd