(නිමල කොඩිතුවක්කු )
ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වූ කිහිප දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කරගනිමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍යව ඇතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹ දී අද(5)පැවසීය.
නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටිය මහතාම ආණ්ඩු පක්ෂයේ සහයෝගය ඇතිව යළි එම ධුරය සඳහාම පත්කිරීමෙන් මේ බව තහවුරු වූ බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගයට ආණ්ඩුව සමඟ කිසිදු ගිවිසුමක් නොමැති බවත් ඔවුන් සියබලාපිටිය මහතාට සහයෝගය පළ කිරීමට එකඟ වීම හේතුවෙන් පමණක් ඉමිතියාස් බාකිර් මාකර් මහතා නියෝජ්‍ය කථානායක ධුරයට නම් කළ බවද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට මෙයට පෙර ස්වාධීන කණ්ඩායම සමග එකගතාවයක සිටි නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල් පීරිස් මහතා සියඹලාපිටිය මහතාට සහයෝගය පළ කරන බව කීමත් සමග වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සමගි ජනබලවේගය තීරණය කළ බවත් ඔහු පැවසීය.
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන යැයි කියා ගත් පිරිසෙන් කිහිප දෙනෙකු තවමත් ජනතාවට ද්‍රෝහීව කටයුතු කරන බවත් මහ ලේකම්වරයා තවදුරටත් කීවේය.
මෙම මාධ්‍ය හමුව සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ මුජුබර් රහුමාන් යන මහත්වරු එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාචකයෝ, වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැතිව ඇති...
නුඹලා ඊයේ රජයට සහාය වන විදිහ ක්‍රියාවෙන් ඔප්පු කළා. කොන්දක් නැති නිවට විපක්ෂයේ මෝඩයින්. ආණ්ඩුව කොර කරන්න තිබ්බ හොඳම අවස්ථාව..