
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ සැලසුමක් නැති කටයුතු හේතුවෙන් නව වසරක් උදාවන මොහොතේ පවා ජනතාවට ගෑස් හා කිරි පිටි පෝලිම්වල පැය ගණන් රැදී සිටීමට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
නව වසරක් උදාවන මොහොතේ එය සතුටින් සැමරීම පසෙක තබා දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලිප ගිනි මොලවන්නට මෙරට මිනිසුන් පෝලිම් ගැසී සිටිනු දැකීම නව වසරේ තමන් දුටු ශෝක ජනකම දසුන යැයි ද ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ අදහස් පළ කළේ කොළඹ හයිඩ්පාක් කෝනර් හි පිහිටි කාර්යාලයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමිනි.
නව වසරට සුබ පැතීම වෙනුවෙන් විජයවර්ධන මහතාගේ කොළඹ කාර්යාලයට විශාල පිරිසක් පැමිණ සිටියහ. එහිදී අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා කීවෙි ජනතාවට පෝලිම් වල සිරවී නව වසර සැමරීමට සිදුව ඇති බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වහල්ලු කියයි ... යහපාලනයට වඩා සර් හොඳයි කියලා...
නිදහස ගත්තු දවසේ සිටම රටේ අනාගතය සාර්ථක කිරීමට ජාතික සැලසුම් කිරීමක් තිබුණේ නැහැ. මැතිවරණ ප්‍රකාශ මගින් කලේ පක්ෂ තරකිරීම් මිස රටේ සංවර්ධනය නොවේ.. මේ රජයේ එවැන්නෙකුත් නැහැ. මේ නිසා ඔබේ රජයකින් හෝ රට වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති සැකසීම කරන්න. එම ප්‍රතිපත්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න...
නිදහස ලබන අවස්ථාවේ ඉංග්‍රීසින් ඉදිකළ තෙල් ටැංකි සියයක් හෝ අනූනවයක් ලංකාවේ තිබුණා.. අපේ පාලකයෝ ඒවා ප්‍රයෝජනයට අරගෙන නැව් සඳහා ඉන්ධන සපයා වුවත් රටට විනිමය උපයන්න තිබුණා. එවැනි තවත් දේවල් අපට විදේශ වලින් ලැබුණා. මේ වනවිට වසා ඇති කර්මාන්ත ශාලා කොපමණ තිබේද? ගල්ඔය ව්‍යාපාරය පටන්ගත් කාලයේ මැලේරියාව සාදා මිනිස්සු මරනවා කියපු සමාජවාදීන් මෙම විනාශවලට තරමක් වගකිව යුතුයි. එකල පමණක් නොවෙයි වර්තමානයේ සිටින සමහරක් සමිති කාරයෝත් රටේ පසුබෑමට වගකිව යුතුයි...
සැලසුම් තිබුණට මදි. ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි යථාර්තවාදී සැලසුම් විය යුතුය. එහෙම සැලසුම් ලංකාවේ මොනම පක්ෂයකටවත් නැහැ.