(අංජුල මහික වීරරත්න)
ලංකාව වත්මන් ආර්ථිකය අර්බුදයට මුහුණ දීමට හේතුව කොරෝනා වසංගතය ම නොව ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කොරෝනා එන්නටත් පෙර සිටම රටේ ආදායම මේ ආණ්ඩුව යටතේ අඩු වෙමින් පැවති බව කී වික්‍රමසිංහ මහතා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම මත වැට් බදු අඩුකිරීමෙන් රාජ්‍ය ආදායම විශාල වශයෙන් අහිමිකර ගත් බවද සඳහන් කළේය.
යහපාලන ආණ්ඩු සමයේ මූලික අයවැයේ අතිරික්තයක් තිබූ බව කී වික්‍රමසිංහ මහතා ණය ගෙවන මුදල් හැර අනෙක් හැම වියදමකට ම රටට ආදායමක් තිබූ බවද පැවසීය.
සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් ගියාම හැමදාම හිටපු ආණ්ඩු රට හොඳටම කරලා ඉන්න ආණ්ඩුව විතරයි හරියට කරන්නේ නැත්තේ. හැබැයි දන්න දා ඉදල රට නම් යන්නේ පහලට
මේ ආණ්ඩුවේ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති තිබෙන්න පුළුවන් . ඒත් තමන්ගේ ආණ්ඩුව කාලේ ඒවා ඒකට විකල්පයක් නොවෙයි . එදාටත් තිබුණේ රට විකුනගෙන ප්‍රතිපත්තියක් .
ඔයා වරද්ද ගත්ත තැන දන්නවද?
කාලයක් කණක් ඇහිලා හිටියා, කවුද මෙයාව MP කරලා එව්වේ. ජෝන් අමරතුංග සුදුස්සා...
තමුන්නැහේ වරද්ද ගත්ත තැන කොහේද කියලා සොයා බැලුවොත් හොඳයි නේද?
ඔන්න මහජන මුදල් ගසාකාපු කෙනෙක් බණ කියනවා...!
යහපාලන රජයෙන් රාජ්‍ය සේවක වැටුප දහ දාහකින් 'එක වරම' වැඩි කිරීමත් සහ ඔබ සඳහන් කරන පරිදි, මේ රජයෙන් වැට් බද්ද අයින් කිරීමත් රට අගාධයට යොමු වුණා... මුදල් පොලී අනුපාතය අඩු කිරීම නිසා ස්ථාවර තැන්පතුවලින් ජීවත් වූ අය කර කියා ගන්නට දෙයක් නැතුව බලා සිටිනවා.. ඔවුන්ට රැකියා කරන්න විදියකුත් නැහැ. ලැබෙන පොළියකුත් නැහැ...
ඔයා දන්නවද ලංකාවේ සංචාරක කර්මාන්තය කඩාගෙන වැටුනේ ඔයගොල්ලන්ගේ කාලේ සිද්ද වුණු පාස්කු ප්‍රහාරයෙන් පස්සේ කියලා..?
තමුන්ට වැරදුණේ ඇයි කියලා කල්පනා කරලා බලන්න...? සුදුස්සාට සුදුසු තැන නොදීම හින්දා තමයි ලංකාවට වැරැදුණේ... මේකට වගකියන්න ඕනේ මුලු දේශපාලන සෙට් එකම...
ආර්ථික විද්‍යාව ගැන යන්තමින් හරි අවබෝධයක් තියෙන කෙනෙක්ට මෙතුමා කියන දේ තේරුම් ගන්න පුළුවන්. අවාසනාවට ලංකාවේ ඡන්දය පාවිච්චි කරන්නේ ආර්ථික දැක්මක්, වැඩපිළිවෙළක් දිහා බලාගෙන නෙවෙයි. රටට සුදුසුම නායකත්වය ඔබයි.
ඔහු නිතරම නිවැරැදියි.
රුපියල් 10000 පඩි වැඩි කිරීම තමයි රටේ ආර්ථිකයට වුණු ලොකුම හෙනේ, වැට් බද්ද අඩුකලේ රටේම ජනතාවගේ ජීවන බර අඩුකරන්න මිසක් කොටසකගේ පමණක් ජීවන බර අඩුකරන්න නොවේ. ස්ථාවර තැනපතුවලට වැඩිපොලියක් දෙන්න පුළුවන් ඊටත් ඉහළ පොලියකට ණයට ගන්න මිනිස්සු ලැහැස්ති නම්... නැතිනම් සල්ලි නිකන් බැංකුවේ තියාගෙන බැංකුව පොලී ගෙවන්නද...?
30 වතාවක් ඡන්දෙ පැරදුණු නායකයෙක් එක වතාවක් පැරදුණු නායකයෙකුට ආර්ථිකය ගැන කියලා දෙනවා...
ලංකාවේ පාලනය ඉතිහාසයේ ඉඳන් බලය අරමුණ කරගෙන පුතා හෝ තාත්තා මරාගෙන ඉදිරියට එන්න උත්සාහ දරා අවසානයේ විදේශ ආක්‍රමණිකයෝ රටේ සාරය උරාබීවා.විජයබාහු,දුටුගැමුණු,මහා පරාක්‍රම බාහු වගේ අවංක පාලනයක් ගෙනගියේ කීපදෙනෙක් රජවරු පමණි.ඒ ජාන පරපුරට අවශ්‍ය අවංක පාලකයෝ විනාශ කරන්න උඩගෙඩි දුන්නෙ අපේ උදවිය නොවේද? මුහුඳු මංකොල්ල ජාන ලන්දේසි ජාන ඉංග්‍රීසි ජාන මිශ්‍ර බහුබූත පිරිසක් වත්මන් පාලනය අතට ගත්තේ.පාට දෙකක්,පක්ෂ දෙකක් එකම විදිහට රට කනවා.ඡන්ද පොළට යද්දීවත් අපේ අයට නොතේරෙන මේ පක්ෂ අරාජික නොකරන්නේ ඇයි?
උඩින් කොමන්ට්ස් දාලා තියෙන ගොඩාක් අය මේ කියලා තියෙන දේ ගැන වැටහීමක් නෑ. ආණ්ඩුව ආපු ගමන් වැට් බදු සහනයක් දුන්නා ව්‍යාපාරිකයන්ට. ඒ සහනය ජනතාවට ගියේ නෑ විතරක් නෙවෙයි රාජ්‍ය ආදායම සියට 33 කින් පහලට වැටුනා. ඒ වැට් බද්ද දාලා තිබුනේ පසුගිය යහපාලන ආණ්ඩුවෙන්. ඒකයි මේ කියන්නේ.
මෙතුමාට කොයි අවස්ථාවකදීවත් තනිව ක්‍රියා කිරීමේ බලයක් ලැබුනේ නෑ. ඒත් හැකි හැමවිටම පොදුවේ රටේ ආර්ථිකය ගොඩ නැගීම වෙනුවෙන් කටයුතු කළා. ඔහු තම පාක්ෂිකයින් වෙනුවෙන් නොව රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම පාක්ෂිකයින් අතර පවා අප්‍රසාදයට ලක්වීමට හේතු උනා. ඔහු කළ දේ ලැයිස්තු ගත කළොත් ඒ සියල්ල පොදුවේ රටේ ජනතාව ඉලක්ක කරම්න් කළ දේ බව හිතන්න පුළුවන්. හැමවිටම තමන්ගේ දේ ගැන පමණක් හිතන පාක්ෂිකයින් මෙන්ම විරුද්ධ පාක්ෂිකයින් ඔහුට කැමැත්තක් දැක්වූවේ නෑ. එහි ප්‍රතිඵලය පසුගිය මැතිවරණයෙන් පෙන්නුම් කළා. ඔහුගේ දැක්ම ක්‍රියාත්මක කිරීමට හැකි තනි බලයක් ලැබුණු දිනක රටේ අනාගතය දීප්තිමත් වනු ඇත.