
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයට එක් වෙමිනි.
"සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට කාර්‍යක්ෂම රේගු දෙපාර්තමේන්තුවක් " යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය සැමරේ.
යුරෝපීය රටවල් 17ක සහභාගිත්වයෙන් එම රටවල් අතර රේගු සහයෝගිතාව සඳහා 1952දී රේගු සහයෝගිතා කවුන්සිලය ස්ථාපනය කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව 1967 වර්ෂයේදී එහි සාමාජිකත්වය ලබා ගත්තේය. 1994 වර්ෂයේදී මෙම රේගු සහයෝගිතා කවුන්සිලය ලෝක රේගු සංවිධානය වශයෙන් නම් කෙරිණි.
යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
නීතියක් හෝ ආයතනයක් ස්ථිර ලෙස එකම ආකාරයෙන් පවත්වා ගෙන යා නොහැකි බවත්, නීතියක් හෝ ආයතනයක් යුගයේ තිබෙන අභියෝගවලට සරිලන ලෙස වෙනස් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වටේට තියාගෙන ඉන්න යුනියන්කාරයෝ, කප්පන්කාරයෝ, හොරාචාර්ය දුරාචාර්යලා එක්කනම් රටක් දියුණු කරන්න වෙන්නේ හීනෙන් තමයි. කොන්දක් තියෙනවා නම් ඔය පඹයො ටික හලල පක්‍ෂ පාට බලන්නේ නැතුව රටේ දක්ෂම අයගෙන් කණ්ඩායමක් හදාගන්න
රටේ මිනිස්සුන්ට කන්න හාල් පොල් දීලා හිටපන්
අම්මෝ, ඉතින් ඔයා කිව්වොත් ආයෙත් ඉර හඳ වගේ විශ්වාසයි. කවදාවත් බොරුවක් කිව්වේ නැහැනේ.
අපි ඉස්සෙල්ලාම සමූපාකාර ටික දිනලාම වැඩ පටන් ගත්තොත් නේද හොඳ...? හැබැයි ඊට පස්සේ තව පෝය කීයක් ඉතුරුද කියලා දන්නේ දෙයියෝම තමයි...