
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂාවක් තිබිය යුතු බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:- (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වෙඩි තැබීම් එන්න එන්නම වැඩි වෙනවා.මහජන ආරක්ෂාව ගැන අප වැඩි අවධානයක් යොමු කරන්න ඕන.ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් මරා දැම්මා.විපක්ෂයේ විතරක් නෙමෙයි ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂාවක් තිබිය යුතුයි. බුදුපිළිම සිද්ධිය ගැන හොයා බලන්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ගියාම එතුමන්ලට මිනිස්සු කෑ කෝ ගහලා බැනලා එලව ගත්තා.ඒ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් තිබුණා නම් ඒ පණිවිඩයත් එක්ක එතැන සුබවාදී ස්වරූපයක් අපට දකින්න හැකි වෙනවා.මේ වන විට පොලිසියේ නිලධාරීන් අසූ දෙදාහක් ඉන්නවා.එම නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් නැහැ.බොහෝ විට පරණ කාලේ හදපු පොලිසි තියෙන්නේ.කොයි වෙලේ වහල ඔලුවට කඩා වැටේවිද දන්නෑ. ගොඩක් පොලිසි එහෙමයි. ඒ පොලිසි වල වැඩි දියුණුව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.
පොලිස් නිලධාරින් ලොකු කැපවීමක් කරනවා.ඒ අතරතුර ආණ්ඩු සතුටු කරන්න යන නිලධාරීන් ද ඉන්නවා.නමුත් වැඩි බහුතරයක් එහෙම නෑ.ඔවුන්ගේ වගකීම් ඉටු කරන්න නම් මානසික මට්ටම් හැදිය යුතුයි.ඒ නිසා ඔවුන්ගේ අවශ්‍යතා ගැන සලකා බලන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන පලයං ලබන පෙරේදා කිව්වාලු...
ආණ්ඩු පක්ෂ මැති ඇමැතිලාගේ ආරක්ෂාව ගැන වදවෙන්නේ ඔයාට තියෙන ආදරේටද? නුඹලාට නම් ඉදුම් හිටුම් එක්ක කන්න බොන්න දීලා දවස් 365 ආරක්ෂාව තව නොබෝ දිනකින් ලැබෙනවා.