(එෆ්.අස්ලම්)
වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් කරගෙන යන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ එළබෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී අනාවරණය කරමින් දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
මෙම තීන්දුව ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ද එකඟත්වය පළ කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
ලබන 18 වැනි දා පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මෙකී හෙළිදරව්ව කරන බවත් තම පක්ෂයේ අමාත්‍යවරයකු වුවත් මෙකී ක්‍රියාවට එරෙහිව අකමැත්තෙන් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් විජේසිරි මහතා කියා සිටියේය.
එම අමාත්‍යවරයා සම්බන්ධයෙන් ලංකාදීපය කරන ලද විමසුමකදී චමින්ද විජේසිරි මහතා කියා සිටියේ 18 වැනිදා පාර්ලිමේන්තුවේදීම ඔහු පිළිබඳ හෙළිකරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ පාර ඡන්දෙන් පැරදෙනවා කියලා දැනගෙන දැන් ඔක්කොම එළි කරනවා. ඕවා කලින් කියන්න බැරි වුනේ... මොකද? ෂුවර් එකට එහා පැත්තට පනින්න බලාගෙන තමයා මෙයත් ඉන්නේ...
උඩ ඉඳලා අන්තිමයා දක්වා කොයි නම හෙළිකලත් හරි යනවා. මංකොල්ලයේ ප්‍රමාණය විතරයි වෙනස් වෙන්නේ...
18 වෙනිදාට තව කල්තියෙනවනේ. ඊට කලින් කෝටි කීපයක් ඔය කියන මන්ත්‍රීවරුන්ට ලැබෙයි. ඊට පස්සේ ඇහුවොත් කියයි එදා කතා කළේ කටින් නෙමේ කියලා. කොහොම වුනත් මේ ගොල්ලන්ගේ රට මංකොල්ලකෑම් කාටවත් නතර කරන්න බැහැ.
මෙච්චර කල් සඟවාගෙන හිටියා දැන් කොටස ලැබෙන්නේ නැතුව ඇති... එ්කයි හෙළි කරන්නේ...
වැඩක් නෑ ඕවා කිව්වා කියලා. කවුරුවත් හිරේ යන්නේ නැහැ. එයාට සමහර විට තව ඇමතිකමක් දෙයි. ඔබතුමාටත් ඇමතිකමක් ලැබෙයි. මෝඩ චූන් තමයි.
ඕනේ ඔට්ටුවක් ඕක හෙළි කරන්නේ නැහැ. තමන්ට ඉදිරියේදී හොරකම් කරන්නට අවස්ථාව නැති වෙන බැවින්, කිසි කෙනෙක් වර්තමානයේ සිදුවන මංකොල්ලකෑම් හෙළි කරන්නේ නැහැ.
මේවා කලින් කියනවා නම් කියලා දාන්න. පාර්ලිමේන්තුවේදී කියන එක ඒ වෙලාවට කියන්න මේ වාගේ එහෙන් මෙහෙන් කියන්න දඟලනකොට හොරා පැනලා යාවි... නැත්නම් ලියකියවිලි හදලා හොරකම් වහවි
මේ මංකොල්ලය කොයිතරම් කාලයක ඉඳලා වෙන දෙයක්ද? එළිදරව් කරන්න නැකත එනකම් හිටියද?
අර නළුවා වගේ මෙයත් නළුවෙක් වෙන්න යනවා වගේ...
අනේ මහත්තයෝ ඕවා හෙළිකරනවට වඩා හොඳ ඔබතුමාලා 225 දෙනාම රටට පව්නොදී මකබෑවිලා ගියා නම්...
ඇයි 18? 16 අපලද ? බයිලා ඔස්තාර්ලා...
අනේ පිස්සු කියවන්න එපා විජේසිරි මල්ලී. ඔයා විජේසිරි මුදලාලිගේ පුතානේ... ඔබ දන්නේ නැද්ද බිස්නස්...? ගානට ලංසු තියාගනියි...
වෙන මොකක් හරි විපතක් කරයි... මේ දවස් ටිකට කල්පනාවෙන්... මිනිස්සුන්ගේ හිත වෙන පැත්තකට යවන්න කරන සෙල්ලමක් 225ම භංගවේවා...!!!
බලමු 18 වැනිදාට... රන්ජනුත් කිව්වා කුඩු ගහන ඇමතිලාත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා. නමුත් නම් ටික හෙළිකරන්න බයවුණා.
මොනවා කිව්වත් වැඩක් නැහැ. ජනතාවට එපාවෙලා ඉන්නේ.
මුට්ටිය දාල බලනවා ඒ ඇමතිතුමාගෙන් ගානක් කඩාගන්න පුලුවන්ද කියලා.
අද රෑට මෙයාට කෝටි කීපයක් හෝ ඇමති කමක් ඔෆර් කලාම හෙට නිහඬයි.
එහෙම වත් කරන්නම වෙනවා. නැතිනම් මේපාරත් අර තරුණ නායකයට බබා පෙන්නලා ජනාධිපතිවරනෙට කරඬු ගෙනියන අලියෙක්ව දාන්නනේ යන්නේ.
රන්ජන් රාමනායක 2
මේ මැතිවරණෙන් පස්සේ නියෝජ්‍ය නායකයත් එක්කල අවුරුදු තුනක් අනික් පැත්තට මුක්කු ගහන්න යන්න කට්ටිය තෝරන්නවත් පටන්ගත්තද මේ එකපාරටම ...අනික්පැත්ත
මේක බොරු තර්ජනයක් , ලොකු කුට්ටියක් කඩා ගන්න තමයි මේ රඟපෑම , තව ටික දවසකින් අඩුමගානේ විදේශ සංචාරයක් වත් සෙට් වෙයි මෙයාගේ කට්ටියට
මුහුණ චරිතය පෙන්වන කැඩපතයි. මේ මුහුණ?
රටට කාර්යක්ෂම පාලකයෙක් අත්‍යවශ්‍ය වී ඇත 2015 උන් මන් මුලාව නොවේවා ජනතාවට තියෙන්නේ වැඩකළ හැකි එඩිතර නායකයෙක් ( හොරුන් අතරින් ජනතා හිතැති දේශපාලකයා) පත්කර ගැනීම පමණි
රජයේ නිළධාරීන්ට පමණක්ද රජයේ මුදල් සාවද්‍ය ලෙස හෝ අයථාලෙස පරිහරනය කිරීම වැරදි වෙන්නේ. මොහුත් රජයේ මුදල් අයථාලෙස පරිහරණය කරන බව දැන දැනත් ඒ බව සඟවා ඇති බව ඔහුගේ ප්‍රකාශයෙන්ම පෙනේ. එනිසා මේ මන්ත්‍රීටත් තොරතුරු සැඟවීම සමුබන්ධයෙන් දඬුවම් කල යුතුය.
මේ විහිලු අහලා, දැකලා දැන් එපාම වෙලා තියෙන්නේ
අනේ බොරු කියලා අපාගත වෙන්න එපා ලිච්චවි පාලනයක් තියෙන ධර්මද්වීපයේ එකම හොර මැති ඇමතියෙක් වත් නැති බව දන්නේ නැතිද?
මෙයාගේ බොරු චුන් දාන්න දක්ෂයා, තර්ජන දානවා පස්සේ ටොක්කක් කළා නැට්ට කකුල්දෙක අස්සේ ගහගෙන හැඟෙනවා
කෝ මොකවත් හෙළිකළේ නැහැනේ? ඕවා දේශපාලු කතා අපි ඕවාට රැවටෙන්නේ නැත.
නමත් චමින්දනේ ? ඔය කතා චමින්දලටම හොඳය