(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්රකාශනයේ පොරොන්දු ඉටුකිරිම පසෙකලා දේශපාලන පළිගැනීමේ ආරම්භ කර ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම පළිගැනීම් අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම, සේවකයින් 11,067 දෙනෙකුගේ සේවය අහිමි කිරීම ද වන බව හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ තවත් විකාර නොකියා දැන් වැටිලා ඉන්න වලෙන් ගොඩඑන්න බලන්න. ඔහෙලා පහුගිය අවුරුදු 5 ඇතුලේ කරපු සෙල්ලම් ඔක්කොම අන්න වන්ෂොට්ගේ හඬපටි වලින් එළියට එනවා. අරයව මෙයාව ඇතුළට දාන්න නියෝග දුන්නු හැටි තමන්ට ඕන නියෝග දෙන්න මහාධිකරණ විනිසුරුවන්ට බලපෑම් කරලා ඔවුන්ට උසස්වීම් දුන්නු හැටි නීතිය අවනීතිය කරලා පොලිස් ලොක්කන් එක්ක සෙල්ලම් දාපු හැටි මිනිස්සු අහගෙන බලාගෙන ඉන්නේ... පුලුවන් නම් ඊළඟ ඡන්දෙන් ආසන 50ක් ගන්න උත්සාහ කරන්න.
හරිම හිනා.. පුතානෝ ගේ මොලේ අලයක්වගේ කියල කියන්නේ රජය නෙමෙයිනේ. එයාලගෙම වන්ෂොට් ඇමතිනේ.
ඔන්න ඉතින් චීත්ත අඳින්න පටන් ගත්තා.
රටක දේශපාලනේ යහපැවැත්ම සඳහා ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුයි. නමුත් ඒ ප්රබලව තිබිය යුතු විපක්ෂය මෙහෙම දියාරු මට්ටමින් මෙහෙයවීම නම් රටට සුබදායක නෑ. සජිත්, ඔබේ මතය අපට වැදගත් නෑ. නමුත් ඔබේ හඬ අපට වැදගත්. රටක ආණ්ඩුවක් පිස්සු කෙලින එක නැවැත්විය හැක්කේ එවැනි ප්‍රබල හඬකටයි. නමුත් තවමත් ඔබෙන් ඒ ප්‍රබල හඬ රටට ඇසී නෑ.
හරිනේ.. කතාවෙන්ම පේනවා කැපෑසිටි එක..
මම හිතන්නේ ජනපතිවරණයෙන් පසුව එජාප උගත් පන්තියටත් තේරුණා. සජිත් අවශ්‍ය පුද්ගලයෙකුට වඩා අනවශ්‍ය ජෝකර් කෙනෙක් කියලා.
මේ පොඩි ළමයා කිව්වොත් කියන්නෙම ඔහොම කතාවක් තමයි. පසුගිය වසර 4 1/2 තුළ මොනවද කෙරුනේ? ඕවාමනේ... ඒකට කිව්වේ යහපාලනය කියලා නේද?
ආණ්ඩුව දේශපාලන පලිගැනීම් කර ඇත්තේ කාගෙන්ද? ලොකුම දේශපාලන ප්‍රතිවාදියා සජිත්... එයාගෙන් පලිඅරගෙන නැහැ නේද? එහෙනම් රාජිතද? රන්ජන්ද? නැතිනම් චම්පිකද?
අනේ මහත්තයෝ රෙදි ඇඳගෙනද ඔයා ඔහොම කතාකරන්නේ? ඔයාලාගේ කෙරුවාවල් සේරම දැන් මුළු රටම දන්නවා. ඔයා දැන් මාධ්‍ය ඉස්සරහට ඇවිත් මොනවා කිව්වත් මේ රටේ මිනිස්සු ආයෙත් ඔයාලාට රැවටෙන්නේ නැහැ. තව අවුරුදු 50 කට වත් ආයෙත් ඔයාලාගේ ආණ්ඩුවක් නම් එන්නේ නැහැ.
හරි...හරි.... දැන් අපට තේරෙනවා. කිව්වා නේද 2/3 නොවෙයි අත්දෙකම උස්සනවා කියලා. එතෙන්ට යන ලකුණු දැනටත් පේනවා කියන කතාවලින්. පක්ෂය ලෙල්ලටම බස්සනවා සිකුරුයි.
එතකොට ඔබතුමා සහ ගෝල පිරිස පක්ෂ නායකත්වයෙන් පළිගන්න පටන් ගත්තේ ජනාධිපතිවරණය කාලයේද මහත්තයෝ? දැන් යන විදිහට ඔබතුමා සහ ගෝල පිරිසගේ වැඩ නිසා මහ මැතිවරණයේදීත් ඇප නැති වෙන පාටයි පෙනෙන්නේ...
අහ් මෙන්න නැගිටලා, කොහේ ඉන්නවද මන්දා?
ඔන්න පටන් ගත්තා කියවන්න.
මොකද? බය හිතුනද?
මෙයාට තියෙන්නේ මුහුකුරා නොගිය මොලයක් අප්පා, කියන, කරන සහ හැසිරෙන ආකාරයෙන් එය මානාව පැහැදිලිවෙනවා. දුකයි අපේ එක්සත් ජාතික පක්ෂය ගැන. නවීන් හරි රුවන් හරි නායකත්වය බාර ගතයුතයි ජෝකර්ල පක්ෂේ කන්න කලින්.
ඔබ කතා නොකර ඉන්න. කතා කළොත් නුවණෙහි තරම මිනිසුන්ට දැනේවි.
වීදුරු ගෙවල් ඇතුලේ ඉඳන් නේද ඔය ගල් ගහන්නේ?