(නිමල කොඩිතුවක්කු)
රට අර්බුදයකට තල්ලු කළ පිරිස් සුර සැප විඳිද්දී විදුලි බිල, ජල බිල වැඩි කර තවදුරටත් ජනතාවගේ ගෙල සිර කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව සමගි ජනබලවේගයේ සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී පැවසීය.
කිසිදු සැලසුමකින් තොරව වගකීම් බාරගත් ආණ්ඩුව යටතේ ජනතාව කබලෙන් ලිපට වැටුනු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.