
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද. 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මතවිය.
යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 77 ක් පමණි.
සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දේශපාලන පක්ෂවල බහුතර මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට පක්ෂවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවන්ගේ අවසාන ගමනේ...
ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ... සැපයක් යයි කකුළුවා දිය කෙළියේ”. පොහොට්ටුවේ සුනඛයින්ට වෙන්නෙත් ඒ ටිකමයි...
මේකත් තව එක දේශපාලන නාට්‍යයක් කියලා තේරුම් ගන්න.. ජනතාව ලක්ෂ ගණනින් මේ පින් බිමේ පහළ වේවා..!
ඒක හොඳයි... මෙයා ඕනෑවට වඩා වැඩියි.
පොහොට්ටුවන් ට්‍රයි කරන්නේ ලකුණු දාගෙන ඇමැති කට්ටක් අරගන්න.
රටේ ජනතාවගේ විදුලිබිල අහස උසට ඉහළ දැමීමේදී රජයට හා ඇමැතිට විරුද්ධව තනි පුද්ගලයෙකු ලෙස ගෙනගිය සටන අති උදාරයි. පැරදුණේ ඔබ නොව රටේ ජනතාවයි. එහෙත් දූෂිත පොහොට්ටු ආණ්ඩුවට එරෙහිව නොබියව නැඟී සිටි ඔබ ජනතාවගේ සිත් දිනාගෙන හමාරය. එමෙන්ම, ජනතාවට හිතැත්තේ කවුරුන්ද යන්න දැන් සක්සුදක් සේ පැහැදිලියි. රටේ ජනතාව වෙනුවෙන් අසාධාරණයට එරෙහිව නව මං ඔස්සේ නැඟී සිටින්න. ඔබට යහපතක්ම වේවා...!
පුදුම වෙන්න දෙයක් නැහැ.
බූරුවන් 123 ක් සිටින රටක් මේක...
පොහොට්ටුවේ කාලකණ්ණින්ට නම් ඊළඟ ඡන්දෙට පෙර හෙණ වදින්න ඕනෑ.
ජනකගේ හැසිරීමත් ආණ්ඩුවේ ප්‍රතික්‍රියාවත් දෙකම ජුගුප්සාජනකයි..!
හරි, ඡන්දයක් තිබ්බ දවසට අපි බලාගමු. දැන් අපි දන්නවනේ සුනඛයින්ගෙයි, මන්ත්‍රීවරුන්ගෙයි වෙනස...!
දැන් එතකොට විශ්ව ශක්තිය බොරු. මෙයා ඊයේ කීවානේ විශ්ව ශක්තිය සැබෑවක් නම්... අද මෙයාව අයින් කරන්න බෑ කියලා. අනික වෙන්න ජනාධිපති සහ එයාගේ පම්පෝරි ගෝලයෝ ගැන රට්ටු දන්නවා. ආණ්ඩුවේ ගේම ආණ්ඩුව ගහනවා. හොඳින් හෝ නරකින්. මෙහෙම ජෝකර් විපක්ෂයක් ඉන්නකොට...!
පක්ෂව පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන් ඡන්දෙ දුන්නාට පින් ජනපතියා ඇතුලු දූෂිත ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඡන්දෙකට යන්න බයේ ඉන්න අය ගැන තවත් කවර කතාද?
තව ටික දවසකින් "ජනක ආණ්ඩුව පන්නයි" කියලා හෙඩිමක් හදා ගන්න...
පන්නයි කියනවාට වඩා ශීලාචාර විදියට මේක කියන්න බැරිද? මොකද හොරෙක්, වංචාකාරයෙක් නොවේ. කොමිසමක සභාපති කෙනෙක්...!
එන්න අපි ජනක ජනාධිපති කරමු...
ජරා හොර පවුලටත් කවදාහරි වෙන්නෙත් ඕක තමයි. පොහොට්ටුවේ එවුන්ම එයාව පන්නනවා.
ජනතාව දැන්වත් තේරුම් ගන්න ජනතාව වෙනුවෙන් නෙවෙයි, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය දෙන්නේ...
දූෂිත දේශපාලුවෝ 123 ගේ ඡන්දෙ ලැබුණා, එච්චරයි. 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු, තුනෙන් දෙකේ බලය ගත්තු දූෂිත පවුල් පාලනේ අයව මුලු රටේම ජනතාව පන්නපු විදිය ලෝකෙම දන්නවා...
69 ලක්ෂයේ බූරුවන් කරපු කෙලිය තමයි මෙ බූරුවන් 123 කරන්නේ
විදුලිබිල වැඩිකරලා ජනතාව අමාරුවේ දැම්ම අලි, පොහොට්ටු හොරු පන්නන්න ඡන්දයක් ඒවිනේ... අදට ඔය 134 ඔලුගෙඩි සෙල්ලම් අහෝසි වේවි...!
ඔබ ඇහුන්කම් දුන්නද දියවන්නාවේ පොහොට්ටු කට්ටිය ඒක මිටට එකතුවෙලා ජනකට විරුද්දව කිව්ව කතන්දර ටික. කිසිම පදනමක් නැති පම්පෝරි නේද? පිළිකුල් සහගත හැසිරීමක් නොවීද? අර ඒදවස්වල හම්බන්තොට වරාය ලඟදි පිස්තෝලයක් අරගෙන විපක්ෂ මන්ත්‍රීන් වගයක් පස්සෙන් පන්නපු බඩ තඩි ඉඩි අමින් වගේ එකා කිව්වා ජනකට සලකන්න තිබුනේ අර මහින්ද විජේසේකරගේ කළා වගේ ඇඟේ හය්යෙන් අතින් පයින් කියාලා.මේ වගේ තුට්ටු දෙකේ නීච දේසපාලුවෝ නේද මහජන ජන්දෙන් ගිහින් අපෙත් අපේ අනාගත රටවැසියන්ගේත් රටෙත් සියලු දේ විනාස කරන්නේ. වහාම මේ මාෆියාවෙන් අපි නිදහස් විය යුතුමයි.
ස්වාධීන නොවූ කොමිසන් සභා... ඔවුන්ට පඩි ගෙවන්නේ ජනතා බදු මුදලින්... සියලුම ස්වාධීන කොමිසන් සභා දේශපාලනය ඉදිරියේ අස්වාධීන බව සනාථ වී ඇත... අස්වාධීන කොමිසන් සභාවලට ජනතා බදු මුදලින් නඩත්තු කිරීම බරපතල වරදක්...
ආණ්ඩුව ජනක පන්නයි .කියන ශීර්ෂපාටය දැක්කම මට හිතෙනවා .ලන්කාදීපයත් ජනක එක්ක ලොකු තරහවකින් ඉඳලා තියනවයි කියලා
ඔවුන්ගේ හොරාකන ඒවා එළිවෙන නිසා මෙයාව පැන්නුවා...
මේ නාට්ටිය මොකක්ද කියලා ඡන්දෙ වුණාම හැමෝටම තේරෙයි. ජනතාවගේ අප්‍රසාදය වසාගන්න යොදාගත්තු අලුත්ම strategy එක... මේවා තේරුම් ගන්න ජනතාවට නුවණ පහළවේවා...!