
(විමුක්ති එස් රුද්‍රිගු)
මැතිවරණයෙන් පසුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ ජූලි මාසයේදී සියයට 24 ක් වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මේ වනවිට සියයට 62 දක්වා ඉහළ ගොස් ඇත.
රට හිතන හැටි සමීක්ෂණයේ නවතම ප්‍රතිඵලවලින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී එය සියයට 7 ක් ලෙස සටහන් වූ බවත් මෙම වසරේදී එය සියයට 62 දක්වා ඉහළ යෑම සැලකිය යුතු වර්ධනයක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ආර්ථික අර්බුදයෙන් පසුව ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක්, සියයට 55 ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විශ්වාස කරන්නේ යැයි රට හිතන හැටි සමීක්ෂණ ප්‍රතිඵලවලින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
කෙසේ වුවත් ජනගහණයෙන් සියයට 47 ක අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථිකය තවමත් දුර්වල තත්වයක පවතින බව යැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
නමුත් පසුගිය වසරේ ජූලි මාසයේදී සියයට 71 ක ප්‍රතිශතයක් වූ බවත් එයට සාපේක්ෂව මේ වනවිට එම ප්‍රතිශතය සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයාගේ කාලෙත් එක්ක සංසන්දනය කරලා තියෙන්නේ , පරිනත කජු සියා තමයි හොඳටම කරේ මෙතන හැම දාම වැලපෙන සිලිඩර් බයියන් ට දුක හිතෙයි මේක දැක්කහම
අපිට හාල් නෑ පොල් නෑ. 2019 පස්සේ පඩි වැඩි වෙලාම නෑ. කිසිම අාන්ඩුවක් සිංහල බහුතරය ගැන කැකිමක් නෑ.
ඕක දන්නේ නැහැ, අර විපක්ෂේ හාදයෝයි, අර හැම එකටම උඩින් ඉන්න අයයි. ඔවුන් හිතන් ඉන්නේ, හාල් හාල්, පොල් පොල් කිය කියා හිටියාම ගොඩ වැඩි වෙනවා කියලා. මිනිස්සුන්ට ඕනේ ස්ථාවර රටක් සහ කන් කරච්චලය අඩු රටක්. අර පාර්ලිමේන්තුව දිහා බලන් හිටපුවාම, කලින් හිටිය අයගේ අඬවැඩියාව දැක්කම පිස්සු හැදෙනවා. මේ ආණ්ඩුවේ සමහරුන්ට අත්දැකීම් අඩු ඇති, ඒ වුණාට කාලයක් දෙන්න ඕනෑ.. මොකද වෙන්නේ බලන්න. තව එකක්, රටේ ආණ්ඩුව බාර දීලා තියෙන්නේ අවුරුදු 5 කට. විපක්ෂයේ එවුන් හිතන් ඉන්නේ මාස 5 කට කියලා. එකනේ අර මැදමුලනේ එක පැටියෙක් ආණ්ඩුව බාරගන්න ඉල්ලන්නේ.
නැතුව ඉතින් වාහනයක් තියෙන හැමෝම කැමැතියි. වාහන මිල අඩු කලා නම් හැමෝම වාහන අරන් විකාරයක් වෙනවා...
කව්ද මේ සමීක්ෂණ කරන්නෙ? කොතනින්ද හීනා වෙන්නෙ කියලා තාගන්න බරිය
ඒ කියන්නෙ බත් කන හරක් ප්‍රමාණය අඩුවෙලා කියන එකද?
පරීක්ෂණ නියැදිය ලෙස මෙහි කොමෙන්ට් බළකාය තෝරා ගත්තේ නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
දවල් ද...?
ඡන්දෙ තිබ්බාම ඒක පෙනෙයි. දැන් මිනිස්සු අන්දන්න බැහැ. හැමදාම බොරු කියලා. මිනිස්සුන්ට තේරෙනවා බොරු ගොඩක පැටළුනේ කියලා...!
මේ සීමිත නියැදියක තත්ත්වය. මහපොළවේ යථාර්තය මීට වඩා ගොඩක් වෙනස්. ගම්වල ඉන්න මිනිස්සුන්ගෙන් ඇහුවොත් 90%ක් බහුතරය ආණ්ඩුව ගැන ඉන්නේ අති පැහැදීමෙන්. කොළඹට ඒ පැහැදීම එන්න කල් යනවා. මොකද කොළඹ බහුතරය මොකක් හරි ගිනි ගෙඩියක් දීලා ගොඩ යන්න බලං ඉන්න අයගෙන් පිරිලා. ඒ අයට සාධාරණව දෙයක් කරන්න ඉගෙන ගන්න කල් යනවා...
සමීක්ෂණ විශ්වාස කරන්න එපා... කලින් පාලනය කරපු අයගේ පරිමාවයි, රාජ්‍ය මුදල් අවභාවිතාවයි අපි හොඳට දැක්ක ජාතියක්. 2028 ඒ අය කරපු මහා පරිමාණ ව්‍යාපෘතිවල ණය ගෙවන්න වෙන්නේ මේ රජයත් එක්ක. ඒකට සූදානම් වෙන්නයි සෝභන කාරී දරාගත නොහැකි වැඩයි පටලවා ගන්නේ නැති තත්ත්වය මත ජනතා කැමැත්ත වැඩි වෙනවා තමයි. ජනතාව බුද්ධිමත් සහ අනාගතය ගැන බලාපොරොත්තු සුන් නොවෙන්න කටයුතු කරාවි ඒකෙ දෙකක් නැහැ...
මිනිස්සූ හරි කැමතියි, ඕක අරූගේ, මූගේ, රිලවා ගේ, වඳුරා ගේ වැරැද්ද කිය කියා ඉන්නවාට.. වෙන්න යන දේ ගැන හිතන්න ඕන කමක් නැහැ.
කොහොමින් කොහොමහරි අප්‍රේල් අවසන් වෙනකොට සමීක්ෂණයේ ප්‍රතිඵලයත් ලැබේවිනේ එතකොට සත්‍යයම දේ පැහැදිළිව බලන්න පුළුවන් එතෙක් ඉවසමූ
අපිත් එහෙම තමයි තාමත්
ඒක නම් බොරුවක් වගේ.. එන්පිපි එකට මමත් මනාප සළකුණු කලා. ඒත් මට නම් ලොකු කැමැත්තක් නැ දැන් මොකද එයාලා කියපු දේවල් තාම වෙලා නෑ හොරු අල්ලා නෑ පාස්කු මහමොලකරුවන් නෑ තෙල් මිල අඩු නැ පොල් හාල් මිල වැඩි වෙලා මහ බැංකු හොරු ගැන මොනවත් කතා නෑ ගොඩක් ගොවියෝ අමනාපෙන් හැමතැනම මිනිස්සු මැරෙනවා පරණ ජනාධිපති තමා සැප විදිනවා
අසංග,රජයට එරෙහිව නම් සමූපකාර කඩයක ඡන්දෙත් ලොකුයි,මේවා ඒ කාලෙ ඇත්ත දැන් බොරු එහෙමනේද?
ඕක බොරුවක් කියලා පුංචි ඡන්දෙ දි ඔප්පු වෙවි !
මෙච්චර බංකොලොත්ද?
බොරුවක් කියද්දි ටිකක් සාධාරණ බොරුවක් කියපල්ලා බන්
තවමත් හොරුන්ට අවධාන නූගතුන් ටිකක් ඉන්න බව අදහස් වලින් පේනවා... රටේ හැමෝටම හොඳ අධ්‍යාපනයක් දිය යුතුයි
රටේ මීහරක් වැඩි වුණාම ඔහොම වෙනවා
කෝ අපේ අඬන දරුවෝ, එන්න අපි හයියෙන් අඬමු...........
බොරු නම් බොරු
තිබෙන බදු වලට අමතරව පිටරටින් එන සහල් සදහා අමතර රුපියල් 65 බද්දක් ගහල ඩඩ්ලි සිරිසෙනව ආරක්ෂා කරපු එකට , පිටරටින් ගෙන එන පිගන් ගඩොල් සදහා 110% බදු ගහල ලංකාවේ පිගන්ගඩොල් කොම්පැනි 3 හිමි ලංකාවේ එකම පිගන් ගඩොල් ගොවියා වන ධම්මික පෙරේරා ආරක්ෂා කරපු එකට ජනතාව ඉතා සතුටින් ඉන්නේ , අඩු පාඩුවකට තිබෙන්නේ ගජමිතුරු කල්ලියේ අන්ටිජන් හොරාට තවම ඇගට දැනෙන්න යමක් නොදීපු එක , ඔහුටත් මොකක් හරි දුන්න නම් ජනතාව ඉතා ප්‍රීතියෙන් සිටීවි ඔය දර්ශකය තව 10% පමණ ඉහල යාවි
ඡන්දෙට කලින් පොරොන්දු වුණු විදිහට මලිමවේ මන්ත්‍රීවරු වැටුප් ලබා නොගැනීම නිසා මහා භාණ්ඩාගාරේ විශාල මුදලක් ඉතුරු වුණ , අන්තිමට ගොඩ ගැහුනා මුදල් ගබඩා කරන්න භාණ්ඩාගාරේ ඉඩ නොමැති නිසා එම මුදල් පැලවත්තේ පක්ෂ කාර්යාලේ ලොකර් එකේ දමන්න තීරණය කලා , මෙවැනි දේවල් පෙර පැවති කිසිම රජයක් කරලා නැහැ එම නිසා ජනතාව ඉන්නේ ඉතා ප්‍රීතියෙන්
ජනතාව ත්‍රිවිල් අනතුරු වලින් මැරෙන නිසා ත්‍රිවිල් භාවිතය කරන එකේ මිල ලක්ෂ 20 දක්වා වැඩි කලත් , අර නලින් හේවගේ ගරු ඇමති තුමා පොරොන්දු වුන ලක්ෂ 12 විට්ස් ලගදීම ලංකාවට ගෙනෙන තුරු මම ඉන්නේ ඉවසිල්ලක් නැතුව , ප්‍රීති ,ප්‍රීති
තඹුත්තේගම පච කියන්නේ මේවට...!
ආන්ඩුව ගැන ජනතා කැමැත්ත අනුර ජනාධිපතිවරයා කරන්න රටේ සමස්ත ජනතාවම 5/6 ජන වරමක් දුන්නානේ. අද බලන්න පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්‍ෂයේ ඇමැතිවරුන් ඉන්නේ 22යි. ඉස්සර ආණ්ඩුවේ ඇමැතිවරුන් 100ත් පනින්න. ඉතින් අපිට මහජනතාව වශයෙන් ඒකම ඇති. මොනතරම් කෝටි ගණන් මුදල් ඉතිරියක්... තාත්තලා මහප්පලා බාප්පලා පුතාලා බෙදාගෙන රටම කාලාම දැම්මා. සමස්ත ජනතාවටම මේ ආණ්ඩුව හොඳටම ඇති. අපි ඉවසීමෙන් බලන් ඉන්නවා හොරු සේරම හිරේ දාලා රටට හොඳක් වෙනකම්...
පරාජය වෙච්චි අය මොන කමන්ට් කෙටුවත් රටේ ජනතාව දන්නවා හිටපු අයගේ කෙරුවාව, ඒ වගේම පැරැණි ක්‍රමයම කරගහගෙන යන්න බලය ඉල්ලපු අය ආවා නම් වෙනදේ, මැතිවරණ පොරොන්දු මොනවා වුණත් රටේ තත්ත්වය ගැන ජනතාවට හොඳ චිත්‍රයක් තියෙනවා, පරාද වෙච්චි අය ඇඬුවාට ඡන්දෙ දීපු ජනතාව සතුටින්...!
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ධ කරපු ,රීරී මාන්ස හූරගෙන කාපු,රටම හොරාකාලා විනාශ කරපු , බලලෝබි බඩගොස්තරවාදි දුෂිත ගුණමකු දේසපාලුවෝ ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි .
ඔහොම කියා කියාම රට අගාතයට යවන්න, ගහපු බෙරයකුත් නැහැ, කඩිච්ච පලුවකුත් නැහැ
වර්තමාන ආණ්ඩුව හොද නෑ කියන අය පෝලිමට එන්න. නොමිලේ මොළය පරික්ෂා කරලා දෙන්නම්
මාලිමා වහල්ලු මේවගේ බොරුත් විශ්වාස කරනවා
ඇත්තනෙ. පොල් ලාබයි. හාල් ලාබයි සහ ඕනෑතරම් තියෙනවා. ජාත්‍යන්තර ආරක්ෂාව 100%යි. සුපුරුදු විදිහට පරණ ආණ්ඩුවලට, විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ට බනිනවා. ආණ්ඩුව හෝදන හමුදාව යමරෙට වැඩ. ජුලී හාමිනේ ආණ්ඩුවට ෆුල් සපෝට්. හොරු අල්ලනවා (යැයි කියනවා). ආචාර්ය මහාචාර්යලා බොරුකාරයෝ බව ඔප්පු වුණා. ඒත් ලංකාවේ අපට "අපේ ගොන්නු අපට හොඳයි!"
මට ඉස්සර ප්‍රේමදාස කාලේ මතක් වුණා. ඒ කාලෙත් මේ වගේ දේවල් ගියා.
ජනී, ඉස්සරවෙලා ඔයා පරික්ෂා කර ගන්න. හැබැයි ඔයාගේ එක හොයාගන්න එක තමයි අමාරු...
සෙනවිරත්න, රට වලට බද්‍රනිලා වගේ උන්ගේ මොලේ ප්‍රමාණය හිතන්න මේක කදිම අවස්තාවක්.
මේකට මුදල් සපයන්නේ යූස් එයිඩ් වැනි සංවිධාන.
වෙරිටේ රිසේර්ච් ලොක්කාගේ හකුපාද ඇතුළට ගිහින් තියෙන්නේ, මේ හින්දයි එහෙනම්...!
දුර්වල වෙන විපක්ෂය හින්දා කොහොමත් ආණ්ඩුවේ ප්‍රසාදය ඉහළ යනවා. ලංකාවේ 30% ඉන්න ගවයන් ටික තමයි මේ වැඩිපුරම කමෙන්ට් දාන්නේ. සජිත් මොනවා හරි කිව්වා නම් දෙයියෝ තමයි සජිත්...
මේක ස්තිරවම පට්ටපල් බොරුවක්. ස්වෛරී කියන ඒවා විහිළුවක් වෙන්නේ මේ වගේ බින්න එළියට දානවිට...
මට හිතෙන විදිහට ඔය සමීක්ෂණයට සහභාගී කරගන්න ඇත්තේ බෙර්ලින් සිල්වලා , පිටිගල මිලනොල වගේ අලංකාවේ අලුත්ම තත්වය දන්නේ නැති , විදෙස් ගත ශ්‍රී ලාංකිකයෝ , පිරිසක් ලංකාවේ ඉන්න කවර හෝ දේශපාලකයෙක් පිටරට ගිහින් එහෙ පොකට් මිටින් එකක් තියල කුමක් හෝ ටොම් පචයක් ඇද බාල ඒගොල්ල එක්ක සෙල්ෆියක් ගහල අතට අත දුන්නහම ඒගොල්ල කියන ඕනෙම දෙයක් විශ්වාස කරනවා , නැත්නම් සමික්ෂනෙ කරන්න ඇත්තේ පැලවත්තේ අහවල් කාර්යාලේ ඇතුලේ , මේකේ අලුත්ම තත්වේ දන්නේ , බස් නැතුව බස්නාවතුම්පලවල් වල ,වැඩක් කරගන්න ගිහින් රජයේ කාර්යාලවල රස්තියාදු වෙන, පොලවේ පයගහල ජීවත්වෙන අපි මිසක් වෙන කෙනෙක් නොවේ
අත්තටම කවුද දන්නේ නත මේ සමීක්ෂණ කරේ. මෙච්චර රටේ ප්‍රශ්න පෙනි පෙනි