
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නොවේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයක් අමතමින් පැවසීය.
පෙබරවාරිය සුබ මාසයක් වනු ඇති බව කී ජනාධිපතිවරයා පෙබරවාරිය අසුබ විය හැකි කට්ටියක්ද සිටින බව සඳහන් කළේය. "මට උසාවියේ නඩු අහන්න බලයක් නෑ.රිමාන්ඩ් කරන්නෙ වැරදි කාරයෙක් නෙමෙයි. අද රිමාන්ඩ් කරලා හෙට එළියට එන්නත් පුළුවන්.රිමාන්ඩ් කරන ඒවා ගණන් ගන්න එපා.
මේ පෙබරවාරිය සුබ මාසයක් වෙයි.සාමාන්‍යයෙන් කියන්නේ දින අඩු මාස අසුබයි කියලනේ.අසුබ කට්ටියකුත් ඉදියි. සාමාන්‍ය සත්‍ය නම් සොයාගන්න බැරි හැම ඝාතනයක් පිටුපසම දේශපාලකයෙක් ඉන්නවා.ඒක නිසා මේවා නිසි පරිදි පරීක්ෂණ සිද්ධ වේවි.
වාහන ආනයනය කරන්න තහනම් වෙලා තිබුණ කාලෙ දේශපාලකයන් ළඟ වාහන තියෙනවා.රෙජිස්ටර් කරන්නේ නැතුව වාහන දුවනවා.
ජෝන්ස්ටන් ඉන්නවා, රත්වත්තේ ඉන්නවා, තව පැත්තකින් මීගමුවේ කෙනෙක් ඉන්නවා.කඩුවෙල කෙනෙක් ඉන්නවා හෙට අනිද්ද අත්අඩංගුවට ගනියි.
අදත් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 29 ක් අතුරුදන්.නීතියක් නැති රටක් මේ.
පරාජිත කණ්ඩායම් මොනතරම් හොල්මන් කරමින් බලය ලබාගන්නට තැත් කළත් ජනතා සහාය තිබෙන තුරු මේ ආණ්ඩුව ආපහු යවන්න බෑ.ආණ්ඩුව ගත්තෙත් යන්න බලාගෙන නෙමෙයි. මතක තබා ගන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ ගන්න කළින් කියපු කියුම් කෙරුම් කළේ නැතිනම් යන්න වෙයි ගෝඨාභයට කළින්ම, තාම ටැක්ස් නම් අඩුවක් නැහැ. නමුත් අපිට කිසිම සහනයක් නම් නැහැ ගොයියෝ...!
මට හරි පුදුමයි, පළපුරුදු දේශපාලනඥයෙක් මේ වගේ ළදරු ප්‍රකාශ කරනකොට. ඉතිහාසය කියවපු මිනිසුන් දන්නවා මහා බලවත් අධිරාජ්‍ය පවා පරඬැල් සේ විනාශ වෙලා අළු දූවිලි වෙලා ගියා කියා...!
වසර 5කට විතරයි ඔබට මිනිස්සු බලය දුන්නෙ.ඔබ කිව්ව විදියට පේන්නෙ සදහටම බලය ගත්ත වගේ.අමතක කරන්න එපා වසර 5යි.ඒ වසර 5 තුල ජනතාවට,රටට වැඩක් නොකලොත් චන්දෙන් ගෙදර යන්න වේවි.දැනට ඔබ ෆේල්.දැනටම මිනිස්සුන්ට ඔබව එපා වෙලා.ඔබට බහුතරයක් දුන්නු ගොවියොම අද බනිනව.කිව්ව දේවල් ඩිලිවර් කරගන්න බෑ.එව කරන්න බැරි බව අපි දන්නව.ඒත් ඒ බැරි දේවල් පුලුවන් කිව නිසා කලයුතුමයි
අපි නම් දන්නවා ඒබව හොඳින්ම. ඔබතුමා පමණක් නොව බලයට පැමිණෙන හැමෝම එහෙමයි.මොනවා හරි කියලා, කියලා, හැකිනම් මොනවා හරි බෙදලා ජනතාව් සතු උත්තරීන්තර බලය වන ස්වාධිපත්‍යය බලය ඩැහැගන්නවා. ඉන්පසු පුටුවේ වාඩිවෙනවා ඉන්පසු ඉතිං ඒ බලය සදාකාලික කරගන්න දන්න සූත්තර, දාංගැට හැම එකක්ම කිසිදු හිරිකිතයක් ලැජ්ජාවක් භය නැතිව භවිත කරනවා. ඔබතුමා කීවනේ (මින් එදිරියට උද්ගෝෂණ, පෙලපාලි,හර්තාල් , විරෝධතා නැහැ මොකද ඒ හැම එකක්ම රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ) කුමන්ත්‍රණ කළොත් ඒවා හමුදාව්ට පොලිසියට භාර දෙනවා, ඒවා ඒගොල්ලෝ බලාගනීවි
නමුත් මෙතෙක් පහලවූ පාලකයින් අතර නින්දිතම පාලකයාලෙස පිටුපස දොරෙන් බැහැලා යන්න සිදුවූවා.එය එසේනම් ඔබතුමාලා තරයේ මතක තියාගන්න ඔබතුමාලා ක්‍රිඩාකරන්නේ අත් පා හිස් මුහුණු ආදී ආවරණ රහිතව කියන එක. පුංචි සහනයක් තිබෙනවා මාලිංග, මුරලි, ෂේන්වෝන් වැනි දක්ෂ සහ දරුණු පන්දු යවන්නන් පිටියේ නැහැ. නමුත් පිටියේ සිටින ක්‍රීඩකයන් අවතක්සේරු කරන්නත් එපා, කරුණාකර තේරුම් ගන්න ඔබතුමන්ලා ඉන්නේ විපක්ෂයේ නොව ආණ්ඩුපක්ෂයේ එනිසා කතාව නවතා දුන් පොරොන්දු ඉෂ්ඨ කරන්න.
දැන් කවුරු හරි යන්න කියලද...විකාර කතා..රටේ ප්‍රශ්න ගොඩ ගැහෙනවා දවසින් දවස...මෙතුමා ගැලරි කතා කිය කියා ඉන්නවා
මේ යන විදියට නම් 3%ට පල්ලම් බහින්න වෙනවා. ලොකු රැවටීමකට ලක්වුන 68 ලක්ෂේ අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා. ඔහොම යං
අතහැරපු කෙබර වල තරමින්ම හිතා ගන්න පුළුවන්
නියමයි
එක දන්නවා ඒ වුනාට යවකවා හරියට කියපු දේවල් කලේ නැත්නම්
ආණ්ඩුව අරන් තුන් මාසයක් ඇතුළත යනවද? නොයනවාද? ගැන කතා කරනවා. ඒ කියන්නේ තමුන් පත්වෙලා ඉන්න තත්ත්වය ගැන හිතාගන්න පුළුවන්...
ඔයා මොනවා කිව්වත් වැඩ කරන්නේ නැතිව බොරු කිය කියා කයිය ගහන අය වෙලාව අවම ජනතාව වන අප අනිවාර්‍යෙන් ගෙදර යවනවා.. ඒක ජනතාවගේ අයිතිය...!
මෙයාගේ තවත් ලොකු ටොක් තියෙන්නේ. හරියට කරේ නැත්නම් ජනතාව අනිවාරයෙන්ම එළවනවා.
ඔහොම කියපු කට්ටිය කොච්චර නම් හිටියාද? හැබැයි යනකොට නම් දන්නෙවත් නැහැ. වැඩිය කට නැතුව දැන්වත් වැඩක් කරලා මෙන්න අපි කලා කියන්න.
කවුරුත් එන්නේ යන්න බලාගෙන නෙමෙයි, ඒ වුණාට මිනිස්සු යවනවා
ඔයා කලබල වෙන්න එපා රටේ පරමාධපත්‍ය බලය තියෙන්නේ ජනතාව අතේ ජනතාව යවන්න ඕනැ වේලාවට යවයි
මොන දේ කරත් ජනතාවගේ ජීවන වියදම අඩුකරන්න වැඩපිළිවෙළක් ඉතා ඉක්මණින් කරන්න.
ඒ ගැන කරදර වෙන්න එපා. ඔයිට වැඩිය කෙරුම් කාරයෝ ඇඩ්රස් නැතිවෙන්න අපි යවලා තියෙනවා. ඔහොම යමු බොස්...
හරිම විනෝදයි...!
ඔබේ ඔය ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති බව ආර්ථිකව මැතිවරණයට පෙරට වඩා දැඩි දුශ්කරතාවයන්ට, ජනතාව පත්කිරීම සහ දුන් පොරොන්දු, මැවූ පුනරුදයන් කිසිවක් සිදුනොවීම නිසාමයි මහ මැතිවරණයෙන් තෙමසක් ගතවීමටත් පෙර බලවත් ජන අප්‍රසාදයට ලක්වී සියලුම වාගේ සමූපකාර ඡන්දයන් පරාජයට පත්වන්නේ...
ඔව් ඔව් තව ටික කලක් ඔහොම්ම ඉන්න. රටට කෙලවලාම යන්න...
මමත් ඇතුළුව ඉහත කමෙන්ට් දාලා තියෙන හොරුන්ට බය හිතෙණෝ...
ලංකාවට හරියන්නේ මේවගේ අය...
ඔහොම කියන්න ඕන නෑනේ ඔහේලා අමු කෙබර කෙලලා මිනිස්සු අන්දන්නේ නැතුව බලේට ආවා නම්... ඒ ආවත් කමක් නෑ. මොකක්ම හරි හොඳක් රටට වෙනවා නම්. කිසිම සැලැස්මක් නෑ, වැඩ පිළිවෙලක් නෑ. වෛරයයි, පළිගැනීමයි විතරයි. ඕවාටත් චූන් වෙන හරක් ඉන්නවා තමයි. ඒත් ඒ හරක්ට වුණත් වෙලාවට පුන්නක්කු එහෙම හම්බෙන්නේ නැති වුණාම අනීවි හොඳේ...
මිනිස්සු ඔහේව ගෙනාවේ නම් ඇත්තටම යවන්න බලාගෙනත් නෙමේ. ඒකනේ 2/3ක් ම දුන්නේ වෙන කාටවත් නොදුන්න. දැන් ඔහේලා කියපු කෙප්ප රෝල් කරකර ඉන්නවා මිසක් වෙන කිසිම වැඩක් කරන්නේ නෑනේ. කෝ ඔයාලගේ ඇම්බැට්ටයා කියපු ලක්ෂ 12 විට්ස් එක? කෝ ආදායම් බදු අඩු කරන එක? කෝ 25000 පඩි වැඩි වීම? මාස 6න් 6ට පඩි වැඩි කරලා දෙන්නන් කිව්වා. දැනටම මාස 3ක් ඉවරයි.
විකාර නොකර ඉස්සෙල්ලම මහින්ද උගන්ඩා යැව්වා කියපු ඩොලර් බිලියන 19 ගෙනත් ඉන්න. එහෙම වුණොත් අපිත් එනවා මහින්දව ඔය ඉන්න ගෙදරින් එළවන්න ආපහු බෙලිඅත්තටම. හැබැයි එහෙම බැරි වුනොත් අපි එලවන්නේ ඔහේව... එච්චරයි...!
ස්ථිරයි ලන්කාවේ වේගයෙන්ම ජන අප්‍රසාදයට ලක්වුණු රජය මේක. ඉල්ලුවාටත් වඩා බලයක් දුන්නා. ඒක මේ රටේ චන්ද දායකයින්ගේ උගත්කමේ තරම... දැන් ගත්තු බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට වැඩකරන්න හැකියාවක් නැතිව දඟලනවා විවිධ කතා කියමින්... හාල් මිල අද වෙනකන් පාලනය කරගන්න බැ. කුඹුරට බැහැලා උද්ඝෝෂණය කලේ වී කිලෝවට 130/=ක් ඉල්ලලා. ඒවා කියලා බලය අරගෙන අද වෙන මගුල් කියවනවා. හාල් ටිකට පාලන මිලක් තියාගන්න බැහැ. ජීවන බර අහස උසට... මොනවාද මේ මිනිස්සු කරන්නේ? කයිය විතරයි.
ඔහෙලා ගහපු කෙබරයි... හිටිය අය කරපු විනාසෙයි නිසා ඔහෙලාට බලය දුන්නා මිසක් ඔහෙලාගේ හැකියාවෙන් ගත්තු ආණ්ඩුවක් නෙවෙයි මේක. මේ පුද්ගලයා අභියෝග කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට නොවේද? නැවතත් 88/89 භීෂණකාරී තත්වයක පෙරනිමිති පෙනේ..
මෙහි ඇති බොහෝ අදහස් බයියා සහ ටොයියා විසින් පවත්වාගෙන යන ව්‍යාජ ගිණුම් වලින් වේ. ඔවුන් කණ්ඩායම් වශයෙන් වැඩ කරන අතර ඔවුන්ගේ මඩ ගැසීම සම්බන්ධීකරණය කරයි. නොරැවටෙන්න. ඔන්ලයින් ලොකු මඩ ව්‍යාපාරයක් යනවා. බලන්න බයියෝ සහ ටොයියෝ කී දෙනෙක් මේ කමෙන්ට් එකට අකමැති වෙයිද කියලා...
අන්තිමට හෙළිකොප්ටර් දෙකකින් පැන පැන උතුරටත් ගියා. ලැජ්ජාවක් ඇත්තේම නෑ. බොනිකර තරුව.
මොකද මේ කට්ටියම... ලාම්පුතෙල් ගෑවුණු ගැරඬි වගේ දඟලන්නේ... අනුර හැමදාම ඉඳීවි කියලද?
කව්රු කව්රුත් බලේට ආවේ යන්න බලාගෙන නෙමේ. ජනතාව ගානට වෙලාවට ඔයාලාව ගෙදර යවයි.
මූණ බලද්දිම පේනවා ඇත්තද කියන්නේ කියලා...?
ආණ්ඩුවේ ලොකු පොඩි කා තුළත් යහමින් ඇති උද්දච්චකම විසින් මාලිමාන්ඩුව වනසා දමනු ඇත. විපක්ෂයක් නැතුවම ඉතාමත් කෙටි කලක් තුළ මෙපමණටම පච වූ දේශපාලන ව්‍යාපාරයක් සිරිලක තුළ මෙතුවක් තිබී නැත.
මම නම් මෙයාට ඡන්දෙ දුන්නේ නෑ. කවුරු ආවත් සමහර වැඩ කරන්න බෑ. ඒක නිසා මම මෙයාට යන්න කියන්නෙත් නැහැ. ගෝඨාභය වගේ රට ගැන අවංකව හිතපු මනුස්සයෙක් එළවපු කුහක සිංහලයින්ට ගැලපෙන්නේ මේ වගේ කෙනෙක් තමයි.
වසර 76ක් පුරාවටම මාරුවට බලයේ හිටපු බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවෝ කරපු හරිය අපි දුටුවා. ආසියාවේ ආස්චර්යය ලෝකෙටම පෙන්වපු හැටිත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ජනතාවාදී ආණ්ඩුවක් පත්කර ගත්තේ නිකම් නෙවෙයි...
අපිට පරණ එවුන් කොහොමත් එපා..! අනුර ඔබව අපට විශ්වාසයි...!
මේ රටේ පාලකයෝ අද වෙන තෙක් බලේ ගන්නත්, බලේ තියාගන්නත් කරේ බඩුබෙදන එක සහ වැඩියෙන්ම බොරු බෙදන එක...
ඇත්තටම මම ඊයේ අනුර දිසානායක සහෝදරයා මේ කුරුණෑගල ජනතාව අමතා කළ සම්පූර්ණ කතාව youtube එකේ ඇහුවා. ඒ කොතැනකවත් මේ හෙඩින් එකේ තියෙන තේරුම නැත. මෙම මාධ්‍ය අයිතිය ගැන මට කියන්න වචන නැත. කලකිරීම් පමණි...
ඡන්දේ දුන්නු මිනිසුන් බලන්න ගම් නියන් ගම් එන්න ඕනෑ නෑ. හැමෝටම ඕනෑ වැඩ. සහන, හොරු අල්ලන්න. බලය දුන්නේ මිනිස්සු හෙම්බත් වෙලා ඕනෑවටත් වඩා... තවත් කතා එපා. එළවන්න මිනිස්සු තාම හැදුවේ නෑ. මිනිස්සු නායකයෙක් බලයට ගේන්නේ එලවලා ආතල් ගන්න නොවේ.. ලොකු බලාපොරොත්තුවක් ඇතුව. ඒක මටත් තියෙනවා කිය කිය ගියාට වැඩක් නෑ. කතා අහ අහා ඉන්න දැන් ජනතාවට වෙලාවක් නෑ. විපක්ෂ කියන දේවල් ඇස්පනා පිට ඔප්පු වෙන්න කලින් result ඕනෑ. ඒකට මාසෙද දෙකද අදාල නෑ. 159 දුන්නේ එකයි. තව මොනවාද ජනතාවට කියන්නේ. කරුණාකර රටට මිනිසුන්ට වැඩ කරන්න. ඇමැති මණ්ඩලයටත් කියන්න ආතල් දුන්නා ඇති. Passport පෝලිම ඉවරද? ඒක තමයි පළවන ප්‍රශ්නය ආණ්ඩුව ආව ගමන්. එතැන ඉඳලා පටන් ගන්න. කතා ඇති...