(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එකවර බිත්තර ගැනීම සඳහා රත්තරන් බිත්තර දැමූ කිකිළිය මැරුවා සේ ව්‍යාපාර නැත්තටම නැති කොට ඔවුන්ගෙන් බදු අය කර ගන්නේ කෙසේදැයි සමගි ජන ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සියලු ව්‍යාපාරිකයන් කඩා වැටෙන තත්ත්වයකට පත්ව තිබෙන බව කී අලවතුවල මහතා අද බදු ගෙවන්නට ශක්තිය ඇති පිරිසක් ඉතුරු වෙලා සිටිනවා දැයි ප්‍රශ්න කළේය.
රටේ අපනයන කරුවන් ද අපහසු තැනකට පත්ව තිබෙන බවද ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය සමඟ තරගකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ බදු සමග ඔවුන්ට තිබෙනවා දැයි අලවතුවල මහතා විමසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල පැත්තේ අලවතුවලට ඉන්ඳියාවෙන් ගලා ආපු දූවිලි අංශු සජබ බිත්තර බෝල වලටත් වැදිලා වගේ මෙයා කෙකර බාන්නේ..!