
(අංජුල මහික වීරරත්න)
විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑම විටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. විපක්‍ෂයක් සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ප්‍රශංසා කරන්නට යන්නේ නැති වුවත් කරන විවේචන අයි.එම්.එෆ් රාමුව ඇතුලේ සිට කළ යුතු යැයිද කීය.
ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් අයි.එම්.එෆ් රාමුවෙන් පිට කටයුතු කිරීමට හැකියාවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
2024 වර්ෂයේදී මෙරට ආර්ථික වර්ධනය සියයට දෙකක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර තිබුණා.මට අවශ්‍ය වුණේ ඒ වර්ධන වේගය තවත් වැඩි කර ගන්නයි.
ඒ නිසා අවුරුද්ද මුල් කාලයේ සිට ධාරිතා භාවිතය වැඩි කරන ලෙස ජනතාව සහ ව්‍යාපාරිකයන් විසින් අප දිරි ගන්වනු ලැබුවා.මේ නිසා අපේ ආර්ථික වර්ධන වේගය අද සියයට පහ දක්වා පැමිණ තිබෙනවා.ඒ සඳහා වැඩ කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ ද මහා බැංකුවේ ද ජනාධිපති කාර්යාලයේද සියලු දෙනාට මා ස්තුති වන්ත වෙනවා.
රටේ ධාරිතා භාවිතය තවත් වැඩි කරන්නට ක්‍රියා කළ සෙසු සියලු දෙනාටත් අප ස්තූතිවන්ත විය යුතුයි.
රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩිවූ නිසා එයින්ද යම්කිසි කොටසක් අපට බදු ආදායම් ලෙස ලැබී තිබෙනවා.එයත් අපේ ආදායම වැඩි වෙන්නට හේතු වුණා.
මේ සියල්ල අපට කරන්නට හැකි වුණේ අයි.එම්.එෆ් සංවිධානය සමඟ තිබූ ගිවිසුම තුළයි.ඒ නිසා එම ගිවිසුම ඉදිරියට ගෙන යමින් ආරක්ෂා කිරීම අවශ්‍යයි.ආණ්ඩුවටවත් විපක්ෂයටවත් එම ගිවිසුමෙන් පිටවීමට හැකියාවක් නැහැ.එලෙස කලොත් නැවත මේ රටේ ආර්ථික ප්‍රශ්න ඇතිවෙනවා.
විශේෂයෙන්ම දෙසැම්බර් 20 වැනිදාට පෙර අප අලුත් ජාත්‍යන්තර බැඳුම් කූපන් නිකුත් කරන්නට යනවා.ඒ කටයුතු සියල්ල දැන් අවසානයි.අපට දැන් තිබෙන්නේ බංකොලොත් භාවයෙන් මිදුණු බවට වන ප්‍රකාශනය නිකුත් කරන්නයි.
ඉන් පසුව බැංකු වලිනුත් ඊට වුවමනා සහන පියවර ගන්නවා.
ඒ සමගම ජනතාවට සහන දෙන්නත් වුවමනායි.අප මේ ගැන කලිනුත් කතා කළා. ඒ හැකි සහන කඩිනමින් දිය යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මගුලක් කියනවා. ආණ්ඩුවේ වැඩ අනුර බලාගනියි. විපක්ෂයේ වැඩ සජිත් බලාගනියි. ඔයා පව් නොදී ඔයාට මොකද වුණේ කියලයි, ඔයාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකටයි මොකද වුණේ කියලා බලාගන්නවාද? ඒ අතරතුර සාගලත් එක්ක පොඩි ආතල් එකක් ගන්න, හොඳේ...!
ගෙදර ඇරලත් කරුමෙක මහත !!!
කව්ද ඉස්සර ගෝඨා ගැසට් ගහනවා වගේ විනාඩි 5න් 5ට ප්‍රෙස් රිලීස් දෙන්නේ... හිටපු කාලේ වටේ ඉන්න අයට දිගට හරහට වියදම් කරලා මිනිස්සුන්ට වැල් පාලමෙන් යන්න කියපු කෙනා...
මෙයා නම් මහා කරදරකාර නාකියෙක් !!! සීයේ රටේ ආර්ථිකය ගැන කතාකරන්න දැන් බලයක් නැහැ. IMF එක ගෙනාවා කීවාට IMF එක ගෙනාවේ කපුටු බැසිල්. දැන් කාලේ ඉවරයි. අටවාගත්ත පක්ෂයත් ඉවරයි. ජාතික ජනබලවේගය ආණ්ඩුව ක්‍රමයෙන් මේ රට වාසනාවන්ත රටක් කරනබව දැන් කවුරුත් විශ්වාස කරනවා.
පොර තාම හිතාගෙන ඉන්නේ ජනාධිපති කියලා...
සර්ට පුළුවන්ද බැංකු කැඩීමේ ප්‍රතිවිපාක ගැන විවේචනය කරන පාඨමාලාව ආරම්භ වෙන දිනය කියන්න... ස්තූතියි.
මහ ලොකු මිනිහ වගේ කියන්නෙ අහවල් රාමුව ඇතුළෙ ඉන්න ඕනෙ කියල.එක්තරා පක්ෂයක් මුල සිටම කීවා ඔය ණය උගූලේ අපේ රට සිර කරන්න එපා කියා.
රට පාලනය කළ දේශපාලුවන් අවංක නොවූ වංචනිකයින් පිරිසක්.. ඒ අය නිසයි අපේ රට මෙවැනි තත්වයකට පත්වුණේ... සිංගප්පූරුව, කොරියාව, ජපානය සහ මැලේසියාව මෙයට කදිම උදාහරණ. දැන්වත් හැම දේශපාලුවන් ඇතුළු රට වැසියන් සියලු දෙනාම අවංකවම සොරකම්, වංචාවන්, නොකර වැඩකටයුතු කරන්න පෙළඹුණොත් අපිටත් ඉහත කී රටවල් වගේ දියුණු වෙන්න පුළුවන්.
ඔබතුමාට අපගේ ප්‍රණාමය... ඉතා කෙටි කලකින් දූරදර්ශී වැඩ පිළිවෙළක් තුළින් මෙතරම් ශක්තිමත් කළාට , සහ අවබෝධාත්මක අදහස් ජනගත කරනවට...
ඔව්, මම කියලා තියෙන විදියට පිටින් දෙයක් කළොත් විතරක් අනුරව විවේචනය කරන්න. දැනට නම් කොල්ලා සුවචයි කීකරුයි. දැන් මාලිමාවේ එල්ලිලා ඉන්න 68 ලක්ෂේ බයියෝ ටික මේක තේරුම් ගන්න සෑහෙන කල් යයි..!
අනුන්ගේ වැඩවලට ලකුණු දාගන්න උත්සාහ කරන්න එපා... ඔයා අදක්ෂ, දුර්වල දේශපාලකයෙක්... එච්චරයි. ඒක ජනතාව කීපවරක්ම පෙන්නලා දීලා තියෙනවා.
ඔබතුමගෙ අවවාදය ගැන සතුටුයි. ඒක තමන්ටත් අදාළ කරගන්න
මෙයා බොහෝ කලක සිට අවලංගු කාසියක්, වෙන දේවල් නැතුවටද මේවා කියන්නේ..!
රනිල් වික්‍රමසිංහ කියලා කෙනෙක් ඇමරිකාවේ ඉපදුණා නම් මේ වෙද්දි එක්කෝ ජීවිතාන්තය දක්වා හිරේ, නැත්තං මරණ දඩුවම දීලා ගොඩක් කල්. එකට ලංකාවේ, චන්ද්‍රිකා දැන් දැනත් වධකයා කියලා දඬුවම් දුන්නේ නෑ. අදට අවුරුදු 27ක්... ෆයිල් එක තාම තියෙනවා.