(නිමල කොඩිතුවක්කු)
කොළඹදී ආරම්භ කළ ආණ්ඩු විරෝධී සටන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන තෙක් ඉදිරියට මෙහෙයවන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා කොළඹදී අද (16) ප්‍රකාශ කළේය.
ගොවියා, ධීවරයා, රාජ්‍ය සේවකයා, වෘත්තිකයා ඇතුලු රටේ මහජනතාව ජනාධිපති ලේක්ම් කාර්්‍යාලයට ගොස් නැගූ අදෝනාව තේරුම් ගෙන හෝ ජනතාවට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා කීවේය.
ජනතාව මුහුන දෙන වයසනයට විසදුම් ඉදිරිපත් කළ නොහැකි ආණ්ඩුවට ඉල්ලා අස්වී රට කළ හැකි කණ්ඩාහමකට බාර දිම හැර වෙනත් විකල්පයක් නැතැයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“දැන් මේ ආණ්ඩුවට විශාල ජනතා විරෝදයක් එල්ල වෙලා තියෙනවා. ජනතාව තමන් මුහුන දෙන පීඩාව ඊයේ ජනාදිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ගොස් පිට කලා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපිත් එක්ක මේ සඳහා එක්වූණා. අපේ මේ විරෝධතාවයත් එක්ක ආණ්ඩුවේ ප්‍රධානින් දැන් කලබල වෙලා.
දැන් අපේ රැළියට එරෙහිව පොහොට්ටුවේ මඩ බලකාය වැඩ පටන් ගෙන තිබෙනවා. දැන් නාමල් රාජපක්ෂලා අපේ රැළිය අවසානයේ තිබුන කුනු අඅදිනවා කියලා 2018 කුණු ඇදපු පින්තුරු සමාජ මාධ්‍යය ඔස්සේ පළ කරමින් සිටිනවා. අද ආන්ඩුව මේ තරම් බංකොලොත් තත්වයට පත්ව තිබීම ගැන අප කණගාටු වෙනවා.
ඇතැම් බංකොළාත් මාධ්‍ය රැළිය සංවිධානය කරන අවස්ථා ප්‍රදර්ශණය කරනවා අපි දැක්කා. මාධය සංදර්ශණ වලින් තවදුරටත් මේ ජනතාවගේ ආදා්නාව යටපත් කළ නොහැකියි. අපිත් එක්ක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආණ්ඩුවට එරෙහි මේ විරෝදතාවයට එක්ව සිටියා. එය බොරුවෙන් යටපත් කරන්න පොහොට්ටු මඩ බලකායට බැහැ.
විරෝධතාව අවසන් වී පැය 24 ක් ගියත් රටේ ජනතාව මුහුන දෙන ගැටලු කිසිවකටත් විසදුම් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට එරෙහිව ඇති ජනතා විරෝධය හයිජැක් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. - ආන්ඩුවට එරෙහිව ආරම්භ කළ විරෝධය ඉදිරියට ගෙන ගොස් සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට අප කටයුතු කරනවා.
අද වනවිට තත්ත්වය තවත් බැරූරුම් වි තිබෙනවා. මේ වනවිට පෙට්‍රල් ටිකක් ඩීසල් ටිකක් හොයාගන්න නැහැ. ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන්ම ඇන හිට තිබෙනවා. තවදුරටත් ජනතාව පීඩාවට පත්කිරීමට අපට ඉඩ දෙන්න බැහැ. අපි කොළමින් ආරම්භ කළ විරෝදතා දිවයින පුරා වයාප්ත කරලා මේ ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ඔව්... දිගටම කරගෙන යන්න. ලබන පාර ගාල්ලෙන්... සෝදලාම අරින්නම්... එලොවත් නැති, මෙලොවත් නැති අය...
හහ්... ඊයේ විදියටද විරෝධතාව අරන් යන්නේ...? ජිනීවා ගිය වැඩෙත් කරගෙන එන්න ඇතිනේ. ඔය ඔක්කෝටම ඉස්සර අර හරිවැඩ කරනවයි කියන කෙනාට ලයිට් බිල ගෙවන්න කිවා නම් හරි...
ඔච්චර තමයි පුළුවන්... කොටියි, ඔටුවොයි තමයි පුතාණෝ වටේ ඉන්නේ... රට තව තවත් විනාශ කරන්න දත කනවා.
ඔබලාත් සුදුසු නෑ... ලංකාවට තියෙන ලොකුම ගැටළුව නම් හරි හමන් දේශපාලන නායකත්වයක් නොමැතිකම...
හරි එල. දැන් ඩොලර් ගේන හැටි. පාඩු ලබන ආයතනවලට මොකද කරන්නේ...? වැට් වැඩි කරනවාද? පොලී අනුපාතයට මොකද කරන්නේ..? විදුලිය අර්බුදයට මොකද කරන්නේ? සැලැස්ම පෙන්නනවා. උද්ඝෝෂණ වලට ඡන්දෙ දුන්නු කාලේ ඉවරයි.
ඇයි සජියා කියනවනේ හඳෙන් හරි හාල් ගේනවා වගේ, එයාට මැද පෙරදිග රටවල් 3 ක් පොරොන්දු වෙලා ඉන්නවලු අවුරුදු 2 ක් නොමිලේ තෙල් දෙන්ට...
ප්‍රතිපත්තිගරුක නැති පුරවැසියො ඉන්න රටක අවුරුදු හැත්තෑවකට ප්‍රතිපත්ති හැදුණු නැති එකේ තවත් කණ්ඩායමක් තම දීමනා හදාගන්න කැඳවන එක විහිළුවක්. අප රට ටිකක් හෝ උඩට ගත හැක්කේ විරුද්ධ මත ඇති විශේෂඥ කණ්ඩායමක් මත ගැටුමෙන් වඩා සුදුසුම මග තොරාගැනීමට ගොවි, ගැමි, නාගරික, කුඩා ව්‍යාපාර යන නියෝජිතයන් කැඳවා සාමූහිකව රට යා යුතු මග ලිඛිතව සාදා, එන්නට ඉන්න මන්ත්‍රිවරුන්ට පවා පිළිපැදිය යුතු ලෙස නීති සෑදීමෙන් පමණි. මෙවැනි දෙයක් කිරීමට යහපත් අවංක, උගතුන් සෙවීම ඉතා අපහසුවීම කණගාටුවට කරුණකි.
මේ වෙලාවේ දැන් අගමැති විපක්ෂයේ හිටියා නම් බලන්න තිබුණා කරන විනාශය බැරි බැරි ගාතයේ කොතරම් තර්ජන ගර්ජන කරයිද? ඒ අතින් තමුන්නැහැලා ඉතාම දුර්වලයි...