(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(22) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වේ.

රටේ මතුව ඇති ඩොලර් අර්බුදය ,ඉන්ධන ,ගෑස් සහ විදුලි අර්බුදය ආදිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට මෙම රැස්වීම අනිවාර්ය කර ඇත.