අංජුල මහීක වීරරත්න
මරණදඬුවම ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පි ප්ලස් තීරුබදු සහනය, යුරෝපා මත්ස්‍ය අපනයනය, සංචාරක ක්ෂේත්රයේ වර්ධනය සහ ත්‍රස්තවාදය පිටුදැකීමට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය යන කරුණු සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය කුමක්දැයි ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීය.
ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉහත කරුණු විමසා සිටියේ අරලියගහ මන්දිරයේ දී අද (18) උදෑසන හමුවූ අවස්ථාවේදීය.
යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසුව අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර මට්ටමේ සම්බාධක රැසක් ඉවත්කර ගැනීමට හැකිවූ බව පෙන්වා දුන් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු රටට අතිශය හිතකර ඉහත පියවර සියල්ලක්ම මරණ දඩුවම ක්‍රියාත්මක වීමෙන් අහිමිවිය හැකි බවට කරුණු පළකර සිටියහ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන සහයෝගය මරණදඬුවම පැමිණ වීමෙන් පසු අහිමි වනු ඇතැයිද පෙන්වා දුන්නේය.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව සංචාරක ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තරය දුන් අනගිබවනීය සහායද මරණ දඩුවම සමග අවසන් වනු ඇතැයිද පෙන්වා දුන්හ. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කරුණු දැක්වීමට සාවදානව සවන් දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයේ සහ පක්ෂයේ පැහැදිලි ස්ථාවරය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කර සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් නේද?
මම දැක්ක පසු ගිය සතියේ තිබුණා ලංකාවේ ඒකපුද්ගල අදායම රුපියල් 60,000 ..එක නිසා ලංකාවට ට ජී.එස්.පි ප්ලස් තීරුබදු සහනය කපහරිනවා කියල..අපිට කාගෙවත් සහන ආරන් ජිවත් වෙලා වැඩක් නැහැ.එක අනිස නිසි පුදගලයන්ට මරණදඬුවම ක්‍රියාත්මක කරන්න මේ රටේ අනාගතය ආරක්ෂා කර ගන්නම්.අමු අමුවේ මල් කැකුළු දුෂණය කරලා මරනවා..මුළු තරුණ සමාජයම මත්ද්‍රවයට ඇබ්බැහි වෙලා.