IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආචාර්යවරු 35 කගෙන් සරසවියට කෝටි 16 ක පොල්ලක්

(ජේ.ඉඳුරුවගේ) 

කොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර  ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් 35 දෙනෙකුගෙන් රුපියල් 159,907,138 ක මුදලක් එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය කොළඹ විශ්ව ව්ද්‍යාලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවක්  මගින්  අනාවරණය කරයි.

වසර 01 සිට වසර 34 දක්වා කාලපරිච්ඡේදයක් ගතවී තිබුණත් එම මුදල්  ආපසු අයකර ගැනීමට විශ්ව ව්ද්‍යාලය අපොහොසත් වී ඇති බවද    විගණනයෙන් පෙන්වා දී ඇත.

 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ  නීති රීති රෙගුලාසි අනුව   අදාළ ආචාර්යවරුන්ගෙන් මෙම  මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතු බවට  විගණන කාර්යාලය මගින් විශ්ව විද්‍යාලය වෙත  නිර්දේශ ලබා දී තිබේ.

මේ පිළිබඳව අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව විශ්ව ව්ද්‍යාලයේ කළමනාකාරිත්වය  විසින් විගණනයට දැනුම් දී ඇත.



අදහස් (3)

ආචාර්යවරු 35 කගෙන් සරසවියට කෝටි 16 ක පොල්ලක්

රුවන් Friday, 03 January 2025 12:58 PM

මේවා ජාතික අපරාධ, මේවා ජනතාවගේ මුදල්...!

:       0       25

Samitha Friday, 03 January 2025 03:14 PM

යසයි උගත් හොරු...!

:       0       18

B amarasinghe Saturday, 04 January 2025 09:13 AM

ණය, බදු නොගෙවූ ස්කාගාර මුදලාලිලා වගේම තමා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site