(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකර ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ බවට වරද පිළිගත් හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර තුනක බරපතල සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියම කළේය.
නිලධාරීන් ඉදිරි කාලයේදී හෝ මෙවැනි වරදවල් කිරීමට පෙළඹීම වැළැක්වීම සඳහා ‘මතක හිටින පාඩමක්’ වශයෙන් විත්තිකරුට මෙම දඬුවම නියම කරන බව සඳහන් කළ විනිසුරු මඩුල්ල විත්තිකරුට නියම කළ වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවම වසර දෙකක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කරන ලෙස නියම කළේය.
චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව මුල් අවස්ථාවේදී විත්තිවාචක ඉදිරිපත් කොට තමන්ට එරෙහිව සාක්කි ඉදිරිපත් වු් පසු උපක්‍රමශීලී ලෙස විත්තිකරු වරද පිළිගත් බව අධිකරණයේ හැඟීම බව සඳහන් කළ විනිසුරු මඩුල්ල අධිකරණයට අපහාස කිරීමේ පනත අනුව විත්තිකරුට වසර හතක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට බලය පැවරී ඇතත් විත්තිකරුට නියම කරන වසර තුනක බරපතල වැඩ සහිත සිර දඬුවම් කාලයෙන් ඔහු රිමාන්ඩ් බාරයේ ගතකළ වසරක කාලය අඩු කරන බවත් සඳහන් කළේය.
චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් අනතුරුව හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක්ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසිනි.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් විසා නිකුත් කිරීම පැරැණි ක්‍රමවේදයටම කරන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය 2014 අගෝසතු 02 වැනිදා ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ නමුත් ඔහු එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරි බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන්, රවූෆ් හකිම් සහ පාඨලී චම්පික රණවක යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව තටයුතු කිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට ආගමන හා විගමන පාලකවරයාට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළහ.
ඉන් අනතුරුව 2024 අංක 08 දරණ අධිකරණයකට, විනිශ්චාධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධ පනත යටතේ නීතිපතිවරයා විසින් විත්තිකාර ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.
එම කැඳවනු ලැබු 2024 සැප්තැම්බර් 25 වනදා අධිකරණයේ පෙනී සිටි විත්තිකාර ආගමන හා විගමන පාලකවරයා රිමාන්ඩ් බාරයට පත් කළ අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනතුරුම වසවරක පමණ කාලයක් ඔහු රිමාන්ඩ් බාරයේ පසුවු අතර තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
විත්තිකරුට එරෙහි චෝදනා මීට පෙර අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයා විසින් විවෘත අධිකරණයේ කියවනු ලැබූ අවස්ථාවේදී අදාළ චෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකරු දැනුම් දුන්නේය.
ඒ අනුව විත්තිකරුට එරෙහි සාක්ෂි විභාග කිරීම ආරම්භ කළ අතර එහිදී ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කටයුතු භාර නියෝජ්‍ය කොමසාරිස්වරයා සාක්කි දෙමින් විද්‍යුත් විසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළත් එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කරන ලෙස විත්තිකාර ආගමන හා විගමන පාලකවරයා තමන්ට උපදෙස් නොදුන් බව පැවසීය.
ආගමන හා විගමන පාලක දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කටයුතු භාර නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ සාක්කි විමසීමෙන් අනතුරුව 2025 ජූලි පළමුවැනිදා නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේදී අදාල චෝදනාවන්ට තමන් ‘නිවැරදිකරු’ බවට කළින් දී තිබු විත්ති වාචකය ඉවත් කර ගෙන අදාල චෝදනාවන්ට තමන් ‘වැරදිකරු’ බව අධිකරණය හමුවේ පිළිගත්තේය.
ඒ අනුව අදාළ චෝදනාවන්ට විත්තිකරු වරදකරු බවට තීරණය කරමින් නඩු විභාගය අවසන් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දඬුවම් නියම කිරිම සඳහා නඩුව අද (23) කැඳවනු ලැබීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක්ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ එකඟත්වය මත තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම ක්‍රියාව තුළින් විත්තිකරු අධිකරණයට බරපතල අපහාසයක් කර ඇති බව සඳහන් කළේය.
විත්තිකරු මුලින්ම චෝදනාවන්ට නිවැරදිකරු බවට විත්තිවාචකය ඉදිරිපත් කර තමන්ට එරෙහිව සාක්කි ඉදිරිපත් වු පසු අදාළ විත්තිවාචකය ඉවත් කරගෙන උපක්‍රමශීලී ලෙස වරද පිළිගෙන ඇති බව අධිකරණයේ හැඟීම බව සඳහන් කළ විනිසුරුවරයා පනත අනුව විත්තිකරුට වසර හතක සිර දඬුවමක් නියම කිරීමට අධිකරණයට බලය පැවරී ඇති බවද සඳහන් කළේය.
විත්තිකර වරදකරු වු චෝදනාවට වසර තුනක සිර දඬුවම් නියම කළ විනිසුරු මඩුල්ල විත්තිකරු රිමාන්ඞ් භාරයේ පසුවු කාලය සැලකිල්ලට ගෙන එම දඬුවම වසර දෙකක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කරන ලෙස නියම කළේය.
පුද්ගලයින් ඉදිරියේදී මෙවැනි වැරදි කිරීම සඳහා පෙළඹීම වැළැක්වීම සඳහා ‘මතක හිටින පාඩමක්‘ වශයෙන් මෙම දඬුවම නියම කරන බව සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ වසර දෙකක සිර දඬුවම අත්හිටුවීමක් නොකරන බවද අවධාරණය කළේය.
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ පිරිස් මහතා පෙනී සිටි අතර පැමිණීල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම රජයේ සේවකයින්ට යහපතක්ම වේවා.
අනුන්ගේ කඹ තමන්ගේ වගේ කෑවම ඔහොම වෙනවා, ඒ සඳහා ඔහූට උපදෙස් දුන්න ටිරාන් රනිල් ඩබල යහතින් වැජඹෙනවා අපේ හාමුදුරුවනේ !
මේ නඩු තීින්දුව දකුණු පළාත් සභාවේ උසස් නිලධාරීන්ටත් පාඩමක් වේවා.
මෙම සිටපු රාජ්‍ය නිලධාරියා ගෙවන්න යන්නේ කාගේ පවක්ද ? රටේ නීතියට උඩින් තමා ඉන්නවා යැයි සිතපු දේශපාලුවොගේ පව් නෙවෙයිද?”
කෙටියෙන් කියනවා නම් - වීසා / පාස්පෝර්ට් මගඩි වලින් ගසාකපු ටිරාන් එළියේ හර්ෂ ඇතුලේ , පාස්පෝර්ට් එකේ චිප් එක තවමත් නැහැ එකම ගොඩනැගිල්ලේ තිබෙන හැදුනුම්පත් සහ පාස්පෝර්ට් දෙපාර්තමේන්තු දෙක ලින්ක් කරගන්න තවම බැරිවෙලා ,
මදැයි අලස් බේරන්න ගිහිලිලා කරගත්ත හරිය….?
අතිශයෙන්ම වැදගත් නඩු තීන්දුවක්. විශේෂයෙන්ම පළාත් සභා වල ඉන්න ආණ්ඩුකාරවරැත්,බහුතරයක් නිලධාරීනුත් අධිකරණ තීන්දු,විධානයන් තඹ සතයක් තරමට ගනන් ගන්නේ වත් නැහැ. වැදගත් දේවල්වලදී නීතිපති උපදෙස් පවා ලබා ගත්තා කියල බොරැ කියල අහිංසක රාජ්‍ය සේවකයෝ අමාරැවේ දානවා. තොරතුරැ පනත යටතේ නීතිපති මොනවද කිව්වෙ කියල ඇහුවහම කියනව එම පනතේ 5 වන වගන්තිය යටතේ මුක්ත වන තොරතුරක් කියල නොමග යවනවා. පළාත් සභාවල ආණ්ඩුකරවරැ සහ නිලධාරීන් විතරක් නොවෙයි,මධ්‍යම ආණ්ඩුවෙත් ඉහළ පුටුවල ඉන්න බහුතරයක් නිලධාරීන් අධිකරණ විධානයන් ගානකට වත් ගනන් ගන්නේ නැහැ.දේවාලෙ කපුවා දේවාලෙ ආරක්ෂා කර ගන්නවා වගේ අධිකරණයේ ගරැත්වයත් ආරක්ෂා කර ගත යුත්තේ අධිකරණයේ ගරැ විනිසුරතුමන්ලා විසින්මයි. අධිකරණයට අපහාස කරන කිසිවෙකුට බේරිලා යන්න දෙන්න එපා. දියහැකි උපරිම දඩුවම දිය යුතුයි.මේ ආණ්ඩුව බලයට ආවේ ලාබෙට හාල්පොල් දෙනව කියල නොවෙයි. යුක්තිය කාටත් එක හා සමානව ඉටු කරනව කියලා. දැන් ඒ ටික වෙනවා. ඒ ටික වෙනකොට රට නිකම්ම හරි යනවා. ඉදිරයේ දී ගරැ අධිකරණයට අපහාස වන ලෙස කටයුතු කළ කිසිවෙකුට වත් නිකන් බේරාලා යන්න දෙන්න එපා.මෙහෙම දඩුවම් දෙක තුනක් දෙනකොට රට නිකම්ම හරි යනවා.
ඔබතුමාට වගේ මටත් විශාල සැකයක්... ඇයි අදටත් ටිරාන් අලස්ට කිසිම නීතිමය පියවරක් නෙැගැනීම පිළිබදව..
මේ මනුස්සයා හිතුවේ, දෙපාර්තමේන්තුවට පාස්පෝර්ට් හදාගන්න එන අහිංසක මිනිස්සු රස්තියාදු කරලා, වටේ යවලා ගසාකනවා වගේ, රටේ නීතියත් බාල්දු කරලා වටේ යවන්න පුළුවන් කියලා, මේක රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කළ තීන්දුවක්, ජනතා ජයග්‍රහණයක්..
හිරේ ඇරලා පමණක් මදි, රජයේ සේවයෙන් පහ කරලා විශ්‍රාම වැටුපත් අහෝසි කරලා, ඔහු සතු දේපල උපයාගත් ආකාරය ගැන සම්පුර්ණ පරීක්ෂණයක් කරන්න ඕනේ..., මොහු මහාපරිමාණ අල්ලස් සහ දූෂණ වලට සම්බන්ධ කෙනෙක් බව පෙනෙනවා.. විශාල ධනයක් මොහුට තිබෙනවා.
සිල්වා කෙටියෙන් කියනවා නම් , පාස්පෝර්ට් එකක් දීර්ඝ කරගන්න ගියහම දැනට තිබෙන වලංගු ගුවන් බලපත්‍රය පමණක් ඉදිරිපත් කරලා අලුත් එක හදාගන්න පුළුවන් වෙන්න ඕනේ , තම විසින් නිකුත් කල ගමන් බලපත්‍ර දෙපාර්තමේන්තුව පිළිගන්නේ නැහැ , හැදුනුම්පත සහ අලුත් උපන්නේකුත් ඉදිරිපත් කරන්න අපට සිදු වෙනවා. ඒ පිළිබන්ධව ඔවුන්ට කිසිම විශ්වාසයක් නැහැ , මේක ලෝක විහිළුවක් , මෙවැනි දේවල් නිසා සහ චිප් එක නැති නිසා අපේ ගමන් බලපත්‍ර රැන්කින් වල පහළට වැටෙනවා. එම නිසා දුක් විදින්නේ විස ගන්න යන පුරවැසියෝ , මේවා ඉදිරි මාස 3 තුල කරගන්න බැරිනම් එළවලාම දාන්න ඕනෑ
මේව "ඔබ නමුන්නාන්සේල" කරගන්න දේවල්.
දූෂිත දේසපාලුවන්ගේ ඕනෑකමට වැඩ කරන්ඩ ගිහින් වෙච්ච් දේ ?
දෙපැත්තෙන්ම තැලෙන රජයේ සේවකයෝ...
අසංක ඔබගේ අදහස වැරදියි... උප්පැන්න සහතිකයක් සංශෝධනය කර එම තොරතුරු අලුත් ගමන් බලපත්‍රයට ඇතුළත් කරන අවස්ථාවක පමණක් අලුත් උප්පැන්න සහතිකය ඉදිරිපත් කරන එක ප්‍රමාණවත්, ලෝකේ වෙන රටවල මෙහෙම විකාර නැහැ. ජර්මනියේ නම් පරණ ගමන් බලපත්‍රය හෝ ජාතික හැදුනුම්පත පමණක් ප්‍රමාණවත් වෙන ලියකියවිලි අවශ්‍ය නැහැ... පාස්පෝර්ට් හදන්න, ලංකාවේ උප්පැන්න සහතික ස්කෑන් කරලා තිබෙන්නේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් පුළුවන් උප්පැන්නය බලන්න, ආගමන විගමන දෙපාර්තමේන්තුවට අවශ්‍ය නම් කෙනෙකුගේ උප්පැන්න සහතිකය බලන්න පුළුවන් ආකාරයට මේ දෙපාර්තමේන්තු දෙක ලින්ක් කරන්න පුළුවන්... නිලධාරීන් ලින්ක් කරන්න කැමැති නැහැ. හොර එහෙම කලොත් හොර පාස්පෝර්ට් හදන්න බැරිවෙන නිසා... නිලධාරීන්ට හොර වැඩ කරන්න... පගාව ගහන්න ඕන නිසා මුළු රටේම පුරවැසියා අමාරුවේ...
ටිරාන් අලස් කියන්නේ LTTE එකට මුදල් ප්‍රවාහන කොන්තරතුව වැනි ලොකු ඩිල් වලට සම්බන්ධ කෙනෙක්, විස මගඩියේදී ඔහු පුද්ගලිකවම මේ සම්බන්ධයෙන් පෙනී සිටියි.. ඔහු මොන ඩීල් එක දැම්මත් නීතියේ රැහැනට අසුවෙන්නෙත් නැහැ හිරේ යන්නේ නැහැ .. කොහේ ඉන්නවාද කියන්න කවුරුත් දන්නෙත් නැහැ...
රනිල් සීයා මැරෙන්න ඔන්න මෙන්න වගේ හැඟෙන විදියට අධිකරණයට බොරු වාර්ථා දුන්නු හොර දොස්තර කලේ අධිකරණයට අපහාසයක් නොවෙයි ද? ජීවත් වීමත් පුදුමයක් ලෙස හැඟෙන වාර්තා අධිකරණයට දීලා, ICU එකෙන් පැය 24 න් කෙලිම්ම ගෙදර යාමත්, සති 2-3 න් දේශපාලන රැස්වීම පැවැත්වීමටත් හැකි වීමෙන් අධිකරණයට බොරු වාර්තා ලබා දීම පිලිබදව නැවත සලකා බලා, වැරදි කරුවන්ට දඬුවම් දෙනවා නම් ඉදිරියේ දී බොරු ව්‍යිද්‍යා වාර්තා දෙන එකත් අඩු කරගන්න පුළුවන්.
මේ වගේ මැටි බූරුවන්ට මෙවැනි ඉරනමක් අත්වෙන එක සාධාරණයි.
ටිරාන් කියන පුද්ගලයට දේශපාලන පක්ෂයක් නැහැ , රට ගැන කක්කුමකුත් නැහැ , ඔහු කරන්නේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම කොන්ත්‍රාත් ඉටු කරන එක , එම නිසා ඔහු පක්ෂ විපක්ෂ දේශපාලුවන්ගේ රහස් දන්නවා , හර්ෂ ඉලුක්පිටිය ටිරාන් සමග එකතුවෙලා විසා සහ පාස්පෝර්ට් කොන්ත්‍රාත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව දීල , ඉදිරි වසර කිහිපය තුල ඩොලර් මිලියන සියගණනක් ලබාගන්න පාර කපාගන්න හැදුවේ , නමුත් අර තම පෙම්වතියගේ විස ප්‍රශ්නේ නිසා ගුවන්තොටුපලේ කලබල කරපු කොල්ල නිසා හොමොගේම අවධානය යොමු වුන , විශාල ජනතා විරෝධයක් ඇති වුන , හරි නම් වීස පාස්පෝර්ට් මගඩි ගැන සොයා බලා ඔවුන්ට එම ප්‍රශ්නයට නඩු දමන්න ඕනේ , එහෙම කලානම් ඔවුන් අනිවාර්යයෙන් වසර 30 වත් හිරේ යන්න ඕනේ , මේ උසාවි අපහාස කතාවක් ඉදිරියට දමාගෙන වසර 2 විතර හිරේ ඉඳල ජනතාවගේ අවධානය වෙනස් කරලා හෙමිහිට මාරු වෙන්න යන්නේ , ටිරාන්ට විරුධව නම් කිසිවක් සිදු වෙන්නේ නැහැ මේ ආණ්ඩුව යටතේ , අලුත් ආණ්ඩුවක් අවොත් කොහොමත් සිදු වෙන්නේ නැහැ ,ටිරාන් යනු ඩිල් දාසට එහා ගිය ඩිල් කාරයෙක් , පුද්ගල තර තිරම නොබලා මෙවැනි තීන්දුවක් දීපු අධිකරණයට මගේ ප්‍රණාමය පුද කරනවා ,
සිල්වා ඔයගොල්ලන්ගේ නායකයෝ හොදටම කෙරුව නිසා තමයි ඔහොම අවුල් වෙලා තියෙන්නේ, අවුරුදු හැත්තෑ හතක් අවුල් අවුරුද්දකින් හදන්න හිතන එකත් තව එක අවුලක් විතරයි.
තිරාන් අලස් තවම නිදැල්ලේ….. අනුරගෙයි තිරාන් අලස් අයියගෙයි ඇයිහොදයි කම නිසාද මේ….?
බෙර්ලින් සිල්වා කියන විදිහට පාස්පෝර්ට් කන්තෝරුව සමග පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ලින්ක් කලොත් හදපු හොර පාස්පෝර්ට් සහ හැදුනුම්පත් දහස් ගණනක විස්තර system එකේ පෙන්වනවා. එහෙම කලොත් ඔය දෙපාර්තමේන්තු දෙකේ වැඩ කරන පුද්ගලයින්ගෙන් 90% පමණ වැඩ තහනම් කරන්න සිද්ද වෙනවා. එහෙම කලොත් පාස්පෝර්ට්, හැදුනුම්පත් නිකුත් කිරීම මාස කිහිපෙකට අඩාල වෙන්න පුළුවන්... ඒක හරියට පැන්ඩෝරා බොක්ස් එක ඇරියා වගේ වෙන්න පුළුවන්, ඉස්ස බිග් කුච්චන් එකක් වෙනවා... එමනිසා ආණ්ඩුවත් හොඳට හොයන්නේ බලන්නේ නැතිව ඕවා ලින්ක් කරන්නේ නැහැ. ඔය දෙපාර්තමේන්තු වල පගාව අරන් බෙදා ගන්නේ සමුපකාර ක්‍රමයට, කේස් 50-60 ඕපන් වුනොත් හැමෝම කොහෙට කොහෙට හරි මාට්ටු වෙන්න පුළුවන්...