
(රෝෂන් තුෂාර)
දඹුල්ල විහාරය ඇතුළු පූජනීය ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කරන බවට දේවේශ සහගත ප්‍රකාශ ඇතුළත් පෝස්ට් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සහ බුදුරජාණන් වහන්සේගේ ඡායාරූප විකෘති කරමින් වට්සැප් සමාජ මාධ්‍යට යොමු කළ බව කියන තරුණයකු ලබන 16 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද නියෝග කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ආවේක්ෂණ හා බුද්ධි ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 වියැති ඒ.එම්. අමෝද්‍ය මතීශ මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ දඔුල්ල විහාරයේ විහාරාධිපති ආචාර්ය ධානියගම ආනන්ද හිමි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය කිරීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.
රහස් පොලිසිය වැඩිදුරටත් දක්වනවා කියා සිටියේ 2026 නොවැම්බර් 19 වෙනිදා දළදා මාළිගාව ,ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජනීය ස්ථාන රැසකට ප්‍රහාර දියත් කිරීමට හා බුදු දහම මුළු සමස්ත ලෝකයෙන්ම අතුගා දැමීම යන අදහස් අයුරින් සැකකරු ලෙසින් එම වට්සැප් සමුහ තුළට ප්‍රචාරණ යවා තිබූ බවය .
සැකකරු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද පෝස්ට් ඇතුලත් ඡායාරූපද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සැකකරු විසින් අදාළ සමාජ මාධ්‍ය සමූහ මෙහෙයවා ඇති බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම පොහොට්ටු බයියෙක්. ජාතිවාදය අවුස්සන්නැතුව මුන්ට නින්දයන්නේ නෑ.
මානසික රොගියෙක්වත්ද ? මොහුව මානසික වෛද්‍යවරයකු වෙත යොමු කලොත් හොඳයි මම හිතන්නෙ