(ඩී. ජී. සුගතපාල)
ගාල්ල දංගෙදර මොරගොඩ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී ආගමික දේශන ඇතුළත් සංයුක්ත තැටි (සී.ඩී) 797 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සහ ආරක්ෂක හමුදා එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දේවස්ථානයේ භාණ්ඩාගාරිකවරයා සහ තවත් පුද්ගලයෙකි.
මෙම දේවස්ථානය තව්හිත් ජමාත් සංවිධානයට අයත් ප්‍රධාන දේවස්ථානයක් වන අතර මෙම තැටිවල අන්තවාදී ආගමික දේශන ඇතුළත්ව තිබේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.
සැකකරුවන් අද(28) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල කපන්නේ නැතුව අතු ටික කපල දැම්මට වැඩක් නැත. අතු කපන්න කපන්න තව ගහ ශක්තිමත් වෙලා අලුත් අලුත් අතු එනවා.
දියවන්නාවේ සරුසාර වතුරෙන් තමයි ගහට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ!
ඔව් අමිල (විවේචන තිබුණත්) 88/89 රන්ජන් විජේරත්න තියරිය..... මෑත අතීතයේ මහින්ද-ගෝඨාභය- ෆොන්සේකා තියරියම තමයි මේකටත් හරියන්නේ...
ශරියා විශ්ව විද්‍යාලයක් ගොඩනැගීමට අවසර දුන්නේ කව්ද? කුමන කාරණාවකටද? බෞද්ධ රටේ බෞද්ධ විශ්ව විද්‍යාලයක් නැති එක ගැන කවර කතාද? දේශපාලනය තමාගේ සුබසිද්ධීන් තකා ජාතිය, දේශය සහ ආගම පාවා දෙන්නන් සදහටම තුරන් කළ යුතුයි.