IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අළුබෝමුල්ලේ විරෝධතාවක් අතරතුර කලබලයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ජනාධිපති කාර්යාලයේ හස්තයකින් බලපත්‍ර ලබාදීමට පිඹුරුපත් සකසා ඇතැයි කියන බණ්ඩාරගම අළුබෝමුල්ල කුරුස හංදිය රවුම් කඩය අසල ඇරඹීමට නියමිත රට බීමහලට විරෝධය පාමින් මහා සංඝරත්නය ප්‍රධානව මහජන විරෝධතාවයක් අද  (28) පෙරවරුවේ එම  ස්ථානයේදී පැවැත්විය.

සියලුම පක්ෂවල නියෝජිතයන්ද සහභාගි වූ එම විරෝධතාවය සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ද පැමිණි සිටියේය.

ඒ  අතරතුර  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු කළුතර දිස්ත්‍රික් නායක බණ්ඩාරගම  මිල්ලනිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ පැමිණීමත් සමගම ‘ තැබෑරුම් සඳහා අනුමැතිය ලබා දුන් පුද්ගලයන් සමග මොන විරෝධතාද ‘ යනුවෙන් පවසා  මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා  එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

විරෝධතාවය අතරතුරදී   එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු "  අද මෙතනට    දේශපාලනඥයෝ ඇවිල්ලා ඉන්නවා.ඒ දේශපාලඥයෝ ඇවිල්ලා ඉන්නේ දේශපාලනයේ මූන දාගන්න.   එක පෑන් පහරින්  පුළුවන් මේවා නතර කරන්න. එක පෑන් පාරෙන් පුළුවන් මේවා නතර කරන්න "යනුවෙන් මා හයියෙන් පවසා කෑ ගැසීමත් සමගම එම ස්ථානයේ තරමක උණුසුම්කාරී තත්ත්වයක් ඇති වු අතර  පොලිසිය මැදිහත්ව එම පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් කරනු දක්නට ලැබිණි



අදහස් (3)

අළුබෝමුල්ලේ විරෝධතාවක් අතරතුර කලබලයක්

saman Sunday, 28 July 2024 02:48 PM

තැබෑරුම් දැම්මට මිනිස්සු බොන්නේ නැත්නම් තැබැරුම්කරුට එය වහන්න වෙනවා . බැරිද හාමුදුරුවනේ අන්න ඒ වැඩේට මිනිස්සු පොළඹවන්න?

:       66       21

fairoosMonday, 29 July 2024 11:10 AM

අනේ ටිකිරි මොලේ...!

:       0       0

abe Sunday, 28 July 2024 11:17 PM

රට විනාශ වෙලා ඉවරයි .මේ පහත මිනිසුන් තවත් පිස්සු නටනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site