(ජයන්ත සමරකෝන්)
පුරප්පාඩුවේ තිබූ අළුගෝසු තනතුරු දෙක සඳහා දෙදෙනෙකු මේ වනවිට කැඳවාගෙන ඇතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
ඔවුන් දෙදෙනාට සති 2ක මූලික පුහුණුවක් ලබාදී ඇති අතර, ඕනෑම මොහොතක එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අවසන් වටයට තේරුණු අයදුම්කරුවන් 26 දෙනෙකුගේ නාමලේඛනය සහිත ලකුණු සංඛ්‍යාව පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරින් සුදුසු දෙදෙනෙකු තෝරාගෙන ඇතැයිද පැවසේ.
තෝරාගත් දෙදෙනාට මේ වනවිට සති 2ක මූලික පුහුණුවක් ලබාදී වෛද්‍ය පරීක්ෂණයකට පවා භාජනය කර ඇතැයි දැනගන්නට තිබේ.
අලුතින් බඳවාගන්නා දෙදෙනාගේ අනන්‍යතාවය කිසිඳු මාධ්‍යයකට හෙළි නොකිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇතැයිද සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" පුංචි " පරාල ඇන " නිලමේ " මුදලාලිට බැරිද මන්ද පාට්ටයිම් ජොබ් එකක් හැටියට වැඩේ කරලා දාන්න... පරාල ඇණ ගහපු එකේ ඕවා මොනවද නැද්ද මලයා...
ඕවා බොරු වැඩ...නිකරුනේ මුදල් නාස්ති කරනවා නොකෙරෙන වැඩකට... සිරිසේන මහත්තයා මේ කපේදිවත් ඕක ක්‍රියාත්මක කරන්නේ නැහැ. එයාගේ කයිවාරුව විතරයි.
අනේද කියන්නේ...
මට තාම ලියුම ආවේ නැහැ. නැකතට අර දොස්තරයාගෙන් වැඩේ පටන් ගන්නයි මම බලාගෙන ඉන්නේ. මම වැඩේ කොරන්නේ ඉනේ බඳින පටියෙන්.
ඒක හොඳයි... දෙන්නෙක් ගන්න එක. නමුත් මම හිතන්නේ නැහැ ඔවුන්ට ඒ රැකියාව තියේවි කියා..
මා මෑතකදී කුඩුවලට ඇබ්බැහි වුණු තරුණයෙක් සමග කතා කළා. ඔහුට අනුව ඔහුට මතින් මිදීමට වුවමනා වුවත් ඇඟට දැනෙන දරුණු වේදනාව නිසා ඔවුන් කෙසේ හෝ (හොරකම් කර, කෙනෙක් මරණයට පත්කර, කාට හරි සැරෙන් කතාකර) මුදල් ලබාගෙන දවසේ කුඩු වේල ලබාගැනීමට පෙළඹේ. නමුත් කුඩු වේල ලබාගැනීමෙන් පසු ඔවුන් ඒ ගැන පසු තැවෙති. නමුත් කරන්න දෙයක් නැත. නැවත නැවතත් මැරෙන තුරුම මේ ජීවිතය ඔවුන්ට උරුමයි. කුඩු වලට ඔවුන් හසු වීමද එක්තරා ආකාරයක මිත්‍ර ලීලාවෙන් එන මත් කුඩු විකුණන්නෙකුට හසුවීමකි. සමහරක් විට හොඳටම වෙරි වී සිටින විට, හොඳටම හිතේ ගැටළුවක් තියෙන විට, වැනි අවස්ථාවල කුඩු වෙළෙන්දා ඔවුන්ට මත් කුඩු ඉදිරිපත්කරයි. දෙතුන් පාරක් කුඩු ලබාගත් පසු ඔවුන් කුඩු වෙළෙන්දාගේ වහල්ලු වෙති. ජීවිතයම දැන දැන විඳවති, හොරකම් කරති, පික් පොකට් ගසති, මාල කඩති. නමුත් ඒ අත්‍යාවශ්‍ය කුඩු වේල වෙනුවෙනි. මොවුන් හොරු, මිනීමරුවෝ, කලේ කුඩු වෙළෙන්දායි. මොවුන්ට මෙවැනි ජීවිතයක් අත්කර දී අනාගතයම විනාශ කළා. හිරේ ගියත් පිට කුඩු වෙළඳාම ජයටම කරන කුඩු ජාවාරම් කරුවන් ජීවත් වියයුතුද?
මෙය අනිවාර්යෙන්ම කරන්න ඕනි...ලංකාවේ අපරද , කුඩු ජාවාර.. අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය දිය යුත්තක්. තවත් පමා කරන්න එපා.........
මේකත් අර ඇස්බැස්ටෝස් , ග්ල්ය්ෆොසෙට් , වඩු මඩුව වගේ ලොකු මහත්මයාගේ තවත් නාඩගමක් ? ඕනේ නම් බලන්න තව සතියක් දෙකක යනකොට ලොකු මහත්මයට ඕක අමතක වෙනවා , ඊට පස්සේ අලුගෝසුවෝ දෙන්නට අවරුදු ගන්නනාවක් හොඳ පඩියක් අරන් නිකන්ම ඉන්න පුළුවන් , ඔය අතරතුරේ වෙන රස්සාවක් , ව්‍යාපාරයක් කරගන්නත් පුළුවන්
ඇයි අර මුළු රටම පණපිටින් එල්ලන මහා අලුගොසුවත් එක්ක තුන්දෙනයි.