
(අංජුල මහික වීරරත්න)
සැප්තැම්බර් මාසයට අදාලව අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකුට වැඩිහිටි දීමනාව රුපියල් කෝටි 308.3755 ක මුදලක් හා අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ දෙවන අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 79 063 දෙනෙකුට වැඩිහිටි දීමනා රුපියල් කෝටි 39.5315 ක මුදලක් ඔක්තෝබර් 01 දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය.
අදාළ ප්‍රතිලාභීන්ට තම ප්‍රතිලාභී මුදල් ඔක්තෝම්බර් 1 දින සිට අස්වැසුම බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd