(සුජිත් හේවාජුලිගේ)

සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව හෙට (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය  පවසයි

ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,053කට රුපියල් නව බිලියන එකසිය අසූ එක් මිලියන හයසිය අනූ හය දහස් දෙසිය පනහක මුදලක් බැරකිරීමට නියමිතය.

එමෙන්ම, දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335කට අනිද්දා මුදල් බැර කෙරෙන බවද එම මණ්ඩලය සඳහන් කළේය.