
(අංජුල මහික වීරරත්න)
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සිදුවූ අසාධාරණ පිළිබඳව පරීක්ෂණයක් කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් දස පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර ඇත.
අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සත්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබිය යුතු එහෙත් ඒ අවස්ථාව අහිමි වූ සමෘද්ධි ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම, අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සත්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබිය යුතු සමෘද්ධිලාභීන් අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවීමට බලපා ඇති හේතු අධ්‍යයනය කොට වාර්තා කිරීම සහ සත්‍ය වශයෙන්ම ප්‍රතිලාභ ලැබිය යුතු සමෘද්ධිලාභීන් අස්වැසුම වැඩසටහනට ඇතුළත් කර ගැනීම සඳහා තෝරා ගැනීමේ ක්‍රමවේදයට ඇතුළත් විය යුතු යැයි නිර්දේශ කරන නිර්ණායක වාර්තා කිරීම අදාළ කමිටුවට පැවරෙන වගකීම වේ.
සමෘද්ධි ප්‍රතිලාභීන් ලෙස ප්‍රතිලාභ ලබමින් සිට අස්වැසුම ප්‍රතිලාභ අහිමි වූ එහෙත් සත්‍ය වශයෙන්ම ප්‍රතිලාභ ලැබිය යුතු විශාල කණ්ඩායමක් මේ වන විටත් දිවයින පුරා සිටින බව ලැබී ඇති තොරතුරු සහ ඉල්ලීම් සලකා බලා අදාළ කමිටුව පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අස්වැසුම ලාභීන්ගේ බැංකු ගිණුම්වල ලක්ෂ 40-50 හේ ස්ථාවර තැන්පතු. හැඳුනුම්පත් අංකයෙන්ම බාගයක් හොරාට ගන්න අය හොයාගන්න පුළුවන් බැංකුත් උදව් කරනවා නම්. තමන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ අවසරයක් ලිඛිතව අස්වැසුම ලාභීන්ගෙන් ගත්තානන් තවත් ලේසියි...!