
(අංජුල මහික වීරරත්න)
රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනකට අද (24) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි.
රටක් ලෙස ශක්තිමත් ආර්ථිකයක් සහිත වුනා නම් සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බවත්, කවුරුත් කැමති තමන් ඉපදිච්ච මවු රටේ ස්වශක්තියෙන් නැගී සිටින්න යැයිද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මාක්ස්වාදයට මොකද වුනේ....
මේ ළමයි ගොඩ කල් ඉදන් ජපන් යන්න තෝරාගෙන. ජපන් භාෂාව පුරුදු කරලා. සහ අවශ්‍ය පුහුණුව ලබලා හිටියේ. දැන් එයාල යවනවා වගේ ලකුණු දාගන්නවා. කොහොමද දන්නේ නැහැ ආණ්ඩුව ඇවිත්මාස තුනෙන් පුහුණුව සහ ජපන් භාෂාව පුරුදු කලේ
තව ටික දවසකින් බලාගන්න පුලුවන්
මේවා මනූෂට කොහොම දැනේවිද මන්දා?
හොඳයි වැඩේ, මේ අයට කියල දෙන්න පවුල් බලාගන්න කියලා. නැත්නම් ජීවිතාන්ත කාලය දක්වාම දෙන්න වෙයි.
පච ජපේපන්ගේ තවත් පචයක් . ඔය වැඩසටහන සමෘද්ධී තියෙද්දිත් තිබ්බා . රනිල්ගේ කාලෙත් තිබ්බා .
මොනවා කරලා හරි නිකමුන්ගේ පවුල්වල යැපෙන්නන් නිවැරැදි මාවතට ගෙන ඔවුන් බදු ගෙවන්නන් බවට පත්වෙනවා නම් ඒ ඇති. නිකම්ම ඉඳලා සහනාධාර ගත්තු අය ආපසු මහන්සි වී හම්බ කරන තත්ත්වයට ගෙන ඒම හරිම අමාරු වැඩක්...