(යොහාන් භාසුර)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කිසිවිටක තමන්ට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කර නොමැති බවත් එසේ ප්‍රකාශ නොකරන්නේ යැයි විශ්වාස බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද පස්වරුවේ පැවසීය.
නගරාධිපතිවරු සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුගේ සභාගිත්වයෙන් අරලිගහ මන්ධිරයේදී අද පැවැති හමුවකදී එසේ පැවසීය.
එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ පැවසීය.
“ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නෑ. කියන්නෙත් නෑ කියලා මට විශ්වාසයක් තියෙනවා.
හොල්මන්වලට භය නම් සොහොනෙ ගෙවල් හදන්නේ නෑ කියනවානේ. ඒවගේ අය දැකලා තියෙනවා. අපි ඒ අයට ඕන විදියට රට හදන්නවත්, රට ගෙනියන්වත්, අපි නටවන්නවත් ඉඩ දෙන්න නෑ කියන එක මතක් කරනවා.
මුඩු බිමක් වෙච්ච රටක් නැවත සංවර්ධන මාවත ගෙන එන්න අපි අතින් විශාල වැඩකොටසක් සිදුවුණා කියලා තමුන්වහන්සේලා පිළිගන්නවා ඇති. ඔය අතරේ තමයි අපිට පසුගිය කාළේ ‘කොවිඩ්’ වසංගතයට මුහුණ දෙන්න සිදුවුණේ. හැබැයි ගෙවල්වල හිරවෙලා සිටි ජනතාව නැවත දෛනික ජීවිතයට ගෙන ඒමේ අභියෝගය අපි ජයගත්තා. අද ඒ අයගෙන් සීමිත කොටසක් පමණක් ගෝල්ෆේස් පිටියට ඇවිත් තියෙන්නේ.
එතනට ඇවිත් කියනවා අපිට යන්න කියලා. අපි හැමෝම මේ තැන්වලට පත්වෙලා තියෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්. නමුත් ජනතා පරමාධිපත්‍ය බද්ධ වෙලා තියෙන්නේ රටේ ව්‍යවස්ථාවට. ජනතාව අපිව පත්කළේ රටේ ආර්ථික අර්බුදය කියලා ඉවත්වෙලා යන්න නොවෙයි. චෝදනා නම් ඕන තරම් කරන්න පුළුවන්. බැහැයි ඒවා ඔප්පු කරන්නත් ඕන. එහෙම නැතුව ව්‍යවස්ථාවට පිටුපාලා මේ රට අරාජික කරලා අපිට එහෙම යන්න පුළුවම්කමක් නෑ.
අපි කවදාවත් ඉතිහාසයේ අභියෝගවලින් පැනලා ගිය මිනිස්සු නම් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑ. මේ ආර්ථික අභියෝග හමුවේත් අපි පැනලා යන්නේ නෑ. කෙටි කාලීන, දිගුකාලීන ආර්ථික කළමණාකරණ ප්‍රතිපත්තියක් තියෙනවා. පසුගිය කාළේ චීන අගමැතිතුමා සමඟ මම දුරකථනයෙන් කථා කළා. චීනයේ සහයෝගය සම්පූර්ණයෙන්ම අපිට ලබාදෙන්න එතුමා පොරොන්දු වුණා. ඒ විතරක් නොවෙයි මිත්‍ර රටවල් රැසක් සමඟ මම සාකච්ඡා කළා. ඒවායේ ප්‍රතිපලයක් ලෙස ඔවුන් මේවන විටත් අපිට උදව් කරන්න පටන් අරගෙන තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ලංකාවේ ඇති වූ තත්වය පෙන්නලා දුන්නම ඔවුන් අපිට අවශ්‍ය ආධාර ලබාදෙන්න දැන් එකඟතාව පළකර තිබෙනවා. එවැනි අවස්ථාවකදී තමයි සමහරු මේ එහාට මෙහාට ගිහිල්ලා හොල්මන් කරන්නේ”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් යන්නකෝ දෙන්නම...!
අංගොඩට ගෙනියන්න ඇම්බියුලන්ස් එකක් එවන්න.
ගෝඨා මහින්දට යන්න කිව්වත්, එපා කිව්වත් ඒක මහජනතාවට අදාල නෑ. මහජනතාව කියන්නේ මහින්දට ගෝඨා එක්කම අස්වෙලා ගෙදර යන්න කියලා. මහින්ද දැන් ඉතාමත්ම වයසක නිසා තේරුම් ගැනීමට බැරි තත්වයක් තියෙන බව පේනවා...
ඔහොම කීවාට ජනාධිපති වරයාගේම අත්සනින් යුක්තව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙන්නේ " අතිගරු අග්‍රාමාත්‍යතුමා අතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන" බවයි. කවුද එතකොට බොරු කියන්නේ?
බහිරවයින්ට, පෙරේතයින්ට කටින් කියලා වැඩක් නැහැ. හොඳ තොවිලයක් නටලයි එලවන්න ඕනෑ. ඒ අය මැරුණත් මේකේ බහිරව හොල්මන් වෙලා උපදිනවා. පේන්නේ නැද්ද ප්‍රේතයින්, කපුටන් වෙලා ඉපදිලා තවමත් කුණු ගොඩවල් හාර හාර කකා ඉන්නවා.
ඔයාටයි, මල්ලිටයි දෙන්නටමයි යන්න කියලා ජනතාව කියන්නේ, යුද්ධයයි, රටයි දෙකම ඉවර කළ වීරයා...
දැන් නම් වැඩි වෙලා වගේ... කිව්වෙත් නෑ. කියන්නෙත් නෑ. ඒවා ඔක්කොම හරි. ඒත් ඔයාව ගෙදර යවනවාම තමයි අපි.
මුඩුබිම සරුබිමක් කියන කතාව ඔබගේ ජීවිතයත් එක්ක ගැලපුණාට රටට වුණේ ඒකෙ අනික් පැත්ත...
තව හිටියා මදිද? උගත්, දක්ෂ, තරුණ නායකයන්ට දීලා යන්නකෝ. මිනිස්සු බඩගින්නේ තියන්නේ නැතිව.
යන්න එපා දෙයියෝ.. යන්න එපා. ඔයා ගිය ගමන් අරයා කොහොම හරි පාර්ලිමේන්තුවේ ඉන්න අයට ගාන දීලා විධායක අගමැති වෙනවා. මේ වෙලාවේ නම් ගියොත් ගියාම තමයි.
මෙයා තමන්ගෙ ඉදිරිපිට ඉන්න අය සනසන්න තතත්ත්වය සැහැල්ලු කරල කිව්වට , අපට ඔය ඉක්මනට සහන ලැබෙනවද? කවුද එහෙම සහතික වෙන්නෙ, වංචාව දූෂනය තම වෘත්තීය කරගත් ප්‍රාදේශීය හොර ගෙඩයොන්ට තමුන් හැර වෙන පිහිටක් නැහැ.