(ගයාන් සූරියආරච්චි)
පොලිස් හිස්වැසුම් නොමැතිව, කහට පැල්ලම් සහිතව බුලත්විට කමින් මහජනයාට අශෝභන ලෙස මාතර වැල්ලමඩම ප්‍ර දේශයේ ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි මාතර පොලිසියේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩතහනම් කළ බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙම නිලධාරීන් තිදෙනා මාතර මහ රෝහල අසල ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටියද එම නියෝගවලට පටහැනිව මාතර තංගල්ල මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේ රැදී සිට ඇති බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී මාතර හම්බන්තොට දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජකාරී කටයුත්තක් සදහා වැලිගම ප්‍ර දේශයට ගමන් කරමින් සිටියදී මෙම නිලධාරීන් තිදෙනා හිස්වැසුම් නොමැතිව කතාබහක යෙදී සිටින අයුරු දැක ඇති බව පොලිසිය පවසයි.
එම නිලධාරීන්ට ලබාදී තිබූ ස්වයංක්‍රීය ගිනි අවිය කිසිවකු අත තිබී නොමැති අතර එය ජංගම සංචාර රථය තුළ තිබෙනු දැක ඇති අතර රියැදුර වශයෙන් කටයුතු කළ කොස්තාපල්වරයා රියැදුරු ආසනයෙන් බැස එක් පාදයක් කැබ් රථයේ පිටුපස බඳ මත තබා නිල ඇදුමේ ගෞරවය නැතිවන ආකාරයට හැසිරී ඇති බව පොලිසිය පවසයි.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් එම නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි.
වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ
“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලි
හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අශෝභන ලෙස රාජකාරී කළ පොලීසියේ තිදෙනකුගේ වැඩ තහනම්
රසික Wednesday, 08 January 2025 12:34 PM
දෙන්නම එපා ඕකුන්ට රස්සාව. හොඳට ජොබ් එක කරන අයටත් නිගාවක්. නියමයි තීන්දුව.