
(වාරියපොල - රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබෙන්නේ නම් කොවිඩ් වසංගතය සදහා ප්‍රතිසංස්කරණ එන්නතක් මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි බව බටහිර ඖෂධ නිපදවන දේශීය සමාගමක් වන නිව්ජෙන් ලංකා ආයතනය කියයි.
ඖෂධ ආනයනය සදහා වැයවන විශාල මුදල් ප්‍රමාණය ඉතිරි කර ගැනීමට හැකිවන පිලිකා රෝග සදහා භාවිත වන අධික මිළෙන් යුතු ඖෂධ ඇතුලුව ඖෂධ වර්ග 250 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තම සමාගම සතුව ඇති බව එහි සාමාන්‍යාධිකාරි රොහන්ත දිසානායක මහතා පැවසීය.
සාමාන්‍යාධිකාරිවරයා මේ බව කියා සිටියේ එම සමාගම විසින් පසුගියදා කැදවා තිබූ මාධ්‍ය හමුවකදීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවසරය නොලැබීම හේතුවෙන් රුපියල් කෝටි 600 ක ආයෝජනයක් සිදුකර ආරම්භ කර ඇති මෙම ආයතනය අද වන විට සිදුකරනුයේ සිය නිෂ්පාදන ධාරිතාවයෙන් සීයට දෙකක් පමණක් බවද දිසානායක මහතා කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩේට නම් උඩින්ම අනුමැතිය ලැබෙයි. අපේ දේශීය දේවල් තමයි පිස්සන්ගේ වැඩ වෙන්නේ.
මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා මේ ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කරනු ඇතැයිි විශ්වාස කරමු. රටතුළම නිපදවිය හැකි සෑම දෙයකටම ප්‍රමිතිය සහිතව නිපදවීමට අවසර ලැබේනම් කොතරම් හොඳද.
වෙන එකකට අපේ නමක් ගහන්නේ නැතිව, පුලුවන්නම් හා.
ඔය දේවල් ප්‍රමෝට් කලාට බයියෝ චූන් වෙන්නේ නැහැ, පැණි ප්‍රමෝට් කෙරුවනම්.?
ඇත්තෙන්ම අදාල ප්රමිතීන් සහිතව අප රට තුළ නිෂ්පාදනය කිරීමට කළහැකි සෑම උදව්වක්ම පක්ෂ භේදයකින් තොරව කළ යුතුමයි...
කොවිඩ් තුරන් කල හැකි වසංගතයක් නොවෙයි එමනිසා මෙරට නිෂ්පාදනය කිරීම ඉතාමත් වටිනවා.