
(අංජුල මහික වීරරත්න)
මේ වසර අවසාන වන විට මෙරට ඉතිහාසයේ හිමිවූ වැඩිම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කිරීමට හැකි වෙතියි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවැසීය.
2026 මුල් මාස හතරේදී විගමණික ශ්‍රමික ප්‍රේෂණ අගය ඇමරිකා ඩොලර් බිලියන 3.06 ක අගයක් වාර්තා වන අතර එම අගය පුරෝකතනය කරමින් මේ බව සදහන් කරන බව වික්‍රමසිංහ මහතා සදහන් කළේය.ඔහු මේ බව ප්‍රකාශ කළේ කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් ඇතුලත මෙරටට ලැබුණු වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය ලැබී ඇත්තේ 2025 වර්ෂයේදී වන අතර, එම වර්ෂයේ මුල් මාස හතරේ උපයා ඇති ඇමරිකා ඩොලර් බිලියන 2.4 ක් ප්‍රේෂණ ප්‍රමාණය අභිබවා 2026 වර්ෂයේ මුල් මාස 4දී ඇමරිකානු ඩොලර් බිලියන 3.06 ක් මෙරටට ලැබී තිබේ.
එම වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම වසර අවසානයේදී ඇමරිකා ඩොලර් බිලියන 9 ඉක්මවූ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd