(ප්‍රදීප් කුමාර)

යාපනය චාවකච්චේරි ප්‍රෙද්ශයේ වයස අවුරුදු 06 ක කුඩා දරුවෙකු ගෙවත්තේ වූ ළිඳට ඇදවැටී මියගොස් ඇති බව චාවකච්චේරි පොලිසිය සදහන් කරයි.

දරුවාගේ මවුපියන් නිවසේ නොමැති අවස්ථාවේ ළිදෙන් ජලය ඇදීමට උත්සහ කිරීමේදී මෙසේ ලිදට වැටී ඇති බව මුලික විමර්ශන වලින් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.