(ඉන්දිකා රාමනායක)
සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල මෙවර පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සිට ඉහළ නිලධාරීන්ට ලබා නොදීමට පොලිස්පති වරයා පියවර ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
උප පොලිස් පරීක්ෂකවරුන්ට සහ එම නිලයෙන් පහල සියලුම නිලධාරීන්ට පමණ ලබා දීමට පියවර ගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම හේතුව නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරන් ඇතුළු ඉහළ නිලධාරීන් 7000 ට ආසන්න පිරිසක් දැඩි කණස්සල්ලෙන් පසුවන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර උත්සව අත්තිකාරම් මුදල් ඉල්ලා සිටී සියලුම උසස් නිලධාරීන්ගේ නම් කපා දමා ඔවුනට මේ බව දැනුම් දී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.
උත්සව අත්තිකාරම් මුදල් හිමි උප පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු ඉන් පහළ නිලධාරීන්ට පෙරේදා (6) සිට එම ගෙවීම් සිදුකරන බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ආ… අවුලක් නෑ. ඒ කට්ටිය එක පාරෙන් හොයගනියි....
පොලිසියේ කාටවත් දෙන්න එපා, ඔවුන් පගාව ගහලා පඩියට වැඩියෙන් සල්ලි හොයනවා.