
(ඉන්දිකා රාමනායක)
2022 නව වසර උදාවීමත් සමග සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 18 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
නව අලුත් අවුරුද්ද උදා වීමත් සමග වව්නියව, මීගමුව, පුදුකුඩිඉරුප්පු, හෝමාගම, හබරණ, පින්නවල, හබරාදූව, දුන්ගල්පිටිය යන ප්‍රදේශවලදී සිදු වු අනතුරුවලින් මෙම පිරිස මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
එක් දිනකට අනතුරුවලින් පුද්ගලයන් 18 දෙනෙක් මියයාම සුළුකොට තැකිය හැකි ක්‍රියාවක් නොවන බවද හෙතෙම කීය.
මෙම පිරිස අතර පාසල් සිසුන්ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd