
(යොහාන් භාසුර)
වසා තිබූ ඇඹිලිපිටිය කඩදාස කම්හල වසර නවයකට පසුව දේශීය ආයෝජකයෙක් සමඟ ගිවිසුම්ගතව ආරම්භ කිරීමට හැකිවීම රටේ වාසනාවක් බවත් වසා තිබෙන සියලුම දේශීය කර්මාන්ත නැවත ආරම්භ කරන බවත් කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය.
රුපියල් බිලියන 3.5 ක ආයෝජනයකින් නැවත ආරම්භ කළ ඇඹිලිපිටිය කඩදාස කම්හලෙන් රැකියා අවස්ථා 2000 ක් පමණ ඇති වන බව කී අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීමට පළමුවෙන්ම දේශීය ආයෝජනයන්ට අවස්ථාව ලබාදෙන බව ද සඳහන් කළේය.
එම කර්මාන්ත ශාලාවේ වසරකට කඩදාසි මෙටි්‍රක්ටොන් 75,000 ක් දේශීය කඩදාසි අවශ්‍යතාව සැපයීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය.
ඇඹ්ලිපිටිය කර්මාන්ත ශාලාව නැවත විවෘත කිරීමේ උත්වසයට සහභාගි වෙමින් අමාත්‍ය එස්. බී. දිසානායක මහතා එසේ පැවසීය.
මෙහිදී කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ගෙනගිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ස්තූතිය පළකිරීම ද කැපී පෙනුණි.
මෙම අවස්ථාවට ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් දයා රත්නායක, ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් සමාගමේ සභාපති අනුරුත් අබේරත්න සහ ඇඹිලිපිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමලේ, ඔබටයි මේ උපහාරය...!
ස්වභාවික සම්පත් ඇති විපත් නැති මේ රට නම් වාසනාවන්තයි. ප්‍රශ්නෙකට තියෙන්නෙ රටේ නීතිය සහ ප්‍රතිපත්ති හදාගැනීමට බැරිවූ හැත්තෑ වසරක දේශපාලකයො තමා. රට උළ කෑ ඔවුන්ද සපත්තු රස ආසා කරන ඔවුන්ගේ ගෝත්‍රික ආධාරකරුවන් නිසා රටවැසියා අවාසනාවන්තයි.
මේවා නිකන් ෂෝ විතරයි... වැඩ නැහැ. විදුලිය නැතිව මොන කතාද?
මෙයා හෙට අනිද්දා මේක කාට හරි විකුණලා දානවා ෂුවර්... විමල්ගේ උත්සාහය වතුරේ...
වංසෙ, ඕක කබල් ගාලා සෑහෙන කල්ලු නේද? අමතක වුණානේ හඳ කාලෙට බල්ලො බුරනවා වැඩියි කියලා...
හිඟුරක්ගොඩ පැත්තේ රජය සතු හොඳ වී මෝලකුත් තියෙනවා. යන්ත්‍ර සූත්‍ර හොඳ තත්වයේ තිබෙන නමුත් සමහර දූෂිත දේශපාලුවන් සහ නිලධාරීන්ගේ අමන ක්‍රියා නිසා භාවිතයට නොගෙන දිරාපත් වන්නට ඇරලා... ඒක ගැනත් සොයාබලන්න.