(රංජන් කස්තුරි)

වයස අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් එන්නත ලබාදිය හැකිදැයි සොයාබලන බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 

වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකිදැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් විමසා ඇතැයිද ඔවුන්ගේ විශේෂඥ මතය තවත් දින කීපයකින් ලැබෙනු ඇතැයි ද රාජ්‍ය අමැතිවරයා කීය.

කොළඹ පැවැති උත්සවයකදී ජනමාධ්‍යයට අදහස් දක්වමින් චන්න ජයසුමන මහතා එසේ කීවේය.