මේ අසාමාන්‍ය පුවත වාර්තා වන්නේ වත්තල අවමංගල නිවසකිනි. මියගොස් සිටියේ ප්‍රසිද්ධ තැනැත්තෙකි. දේහය නිවසේ තැන්පත් කර තිබුණු අතර නැදෑහිතවතුන්ගෙන් නිවස පිරී පැවැතිණි.
නිවසට පැමිණි සිටි පිරිස කඩිමුඩියේ පිටව යන්න පටන් ගත්හ. නිවස හිස් වෙද්දී අවසානයේ ඉතිරිවූයේ පවුලේ අතලොස්සක් පමණි.
මියගිය පුද්ගලයාගේ පුත්‍රයා නිවසට හදිසියේම පැමිණියේය. ඔහු මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවූ තරුණයෙකි.
හොඳට පදම් වී සිටි තරුණයා අත් පපුවට ගසා ගනිමින් හඬමින් වැලපෙමින් පියාගේ දේහය සහිත මිනී පෙට්ටිය ඔසවා ගන්න තැත් කළේය. එම අවස්ථාවේ මිනී පෙට්ටිය කැඩී දේහය බිමට ඇදවැටුණි.
පවුලේ ඥාතියෙක් පොලිසිය ඇමැතීය.
එසැණින් පැමිණි පොලිසිය කලහ කළ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ජීප් රියට පටවා ගත්තේය. “තාත්තා යන්නේ කනත්තට. මම යන්නේ හිර ගෙදරට” යැයි ජීප් රියෙන් රැගෙන යද්දී ඔහු පැවැසීය.
(සන්ඬේ ටයිම්ස් පත්‍රයෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd