(එම්. සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජී. සුගතපාල)
ඇල්පිටියේ අවන්හලකදී දෙපිරිසක් අතර වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
මිය ගොස් අත්තේ අල්පිටිය 11කණුව කාරියවසම් පෙදෙස පදිංචි 28 හැවිරිදි රොෂාන් තරිඳු හර්ෂනාත් නමැත්තෙකි.
තුවාල ලැබූ තැනැත්තෙකු පළමුව අල්පිටිය රෝහලටත් පසුව කරාපිටිය රෝහලටත් මාරුකර යැවූ බවත් අනෙක් තැනැත්තා බලපිටිය රෝහල වෙත යැවූ බවත් පොලිසිය කියයි.
ඊයේ (23) රාත්‍රියේ අවන්හළට මෝටර් රථ දෙකකින් පැමිණි එම පිරිස, ගැටුමක් ඇතිකරගෙන ඇති අතර, එක් අයකු එල්ල කළ කඩු පහරින් එම තැනැත්තා මිය ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
මියගිය අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට සිද්ධියවූ ස්ථානය වෙත ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර මහතා පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd