
(බී. ජී. චතුරංග )
ගල්නෑව පොලිස් වසමේ අව්කන සිට නෑගම්පහ දක්වා දුම්රිය මාර්ගයේ සවිකර තිබූ යකඩ ප්ලේට් 46ක් ගලවා සොරකම් කළ පුද්ගලයකු සහ ගබඩාවක තිබූ නාඩු වී මිටියක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, වලස් වැව පාර, අලි වංගුව ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු සහ ආඩියාගල හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරුවන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී සොරකම් කරන ලද යකඩ ප්ලේට් හතරක් යකඩ ඇණ හතක් සහ නාඩු වී මිටියක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝච්චිය පීලිපනින්නේ මේ නිසා තමයි, ඔය වගේ දේවල් කරන උන්ට මිනීමැරීමට තැත්කිරීමේ චෝදනා, රාජ්‍ය දේපල විනාශ කිරීමේ චෝදනා දාලා අවුරුදු 50කටවත් හිරේ දාන්න ඕන.